සැප්තැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2026 සැප්තැම්බර් 9

Memorial of Saint Peter Claver, Priest[In the Dioceses of the United States]

දවසේ දේව මෙහෙය
Reading I

1 කොරින්ති 7:25-31

25අවිවාහකයන් ගැන මට සමිඳාණන් වහන්සේගෙන් ආඥාවක් ලැබී නැත. එහෙත්, සමිඳාණන් වහන්සේගේ කරුණාවෙන් විශ්වාස කටයුතු තැනැත්තෙකු වන මම, මගේ අදහස කියනු කැමැත්තෙමි. 26මේ කාලයේ ඇති දුක් විපත් නිසා යමෙක් තමා සිටින තත්ත්වයෙහි ම සිටින්නේ නම් යහපතැ යි සිතමි. 27ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වී සිටින්නෙහි නම් ඇයගෙන් නිදහස් වන්නට නොසොයන්න. ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වී නැත්නම් භාර්යාවක් නොසොයන්න. 28එහෙත් ඔබ විවාහ වූවත් එයින් ඔබට පාපයක් නැත. කන්‍යාවක විවාහ වූවත් එයින් ඇයට පාපයක් නැත. එසේ වුව ද එවැනි අයට මේ ලෝකයෙහි දුක් විපත් ඇති වන්නේ ය. මම ඔබ ඒවායින් වළක්වාලීමට කැමැත්තෙමි. 29සහෝදරවරුනි, මේ දේ කියනු කැමැත්තෙමි. එනම් වැඩි කාලයක් ඉතිරි වී නැත. මෙතැන් සිට, 30භාර්යාවන් ඇත්තන්, භාර්යාවන් නැත්තන් මෙන් ද, හඬන්නන් නොහඬන්නන් මෙන් ද, ප්‍රීති වන්නන් ප්‍රීති නොවන්නන් මෙන් ද, මිලයට ගන්නන් ගත් දෙයට අයිතියක් නැති අය මෙන් ද, 31මෙලොව සැපසම්පත් භුක්ති විඳින්නන්, ඒවායේ ම ඇලීගැලී නොසිටින්නන් මෙන් ද සිටිය යුතු යයි මම ඔබට කියමි. මන්ද, දැන් පවතින මේ ලෝකය පහ වී යන්නේ ය.
Responsorial Psalm

ගීතාවලිය 45:11-12, 14-15, 16-17

11එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත; ඔහු ඔබේ ස්වාමියා ය, ඔහුට අවනත වන්න. 12තීර්හි වැසියන් පඬුරු රැගෙන ඔබ වෙත එනු ඇත. 14මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය. ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය. 15සිත් සතොසින් ඇලළී ඔව්හු රජ මැදුරට පිවිසෙති. 16නිරිඳුනි, ඔබේ පිය රජුන් වෙනුවට, ඔබට පුත් කුමරුවෝ රැසක් ඇති වන්නෝ ය. ඔබ ඔවුන් මුළු පොළොවෙහි මහීපාලයන් කරන්නෙහි ය. 17මම ඔබේ යසස, සියලු පරපුරට සිහි කරවන්නෙමි. සව් සත සදා ඔබට පසස් ගී ගයන්නෝ ය.
Alleluia

ශුද්ධ වූ ලූක් 6:23

23ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ.
Gospel

ශුද්ධ වූ ලූක් 6:20-26

20එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙ‍සේ වදාළ සේක: ”දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය. 21දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ සිනාසෙනු ඇත. 22මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය. 23ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ. 24අහෝ, ධනවත් ඔබට වන විපතක මහත! ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය. 25අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත! ඔබට, සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත! ඔබ හඬා වැලපෙනු ඇත. 26අහෝ, මිනිසුන් ඔබ පසසන විට ඔබට වන විපතක මහත! ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරයන්ටත් කෙළේ එය ම ය.”