දෙසැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
2728293031
අද දිනට

කියවීම්

2026 දෙසැම්බර් 7

Memorial of Saint Ambrose, Bishop and Doctor of the Church

දවසේ දේව මෙහෙය
Reading I

යෙසායා 35:1-10

1වනය ද වියළි දේශය ද ප්‍රීති වන්නෝ ය; කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය. 2එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය; කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය; සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය. 3බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න; 4බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; ”බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.” 5අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය. බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය. 6කොර අය මුවන් මෙන් දුව පනින්නෝ ය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේ ය. මරුකතරෙන් ඇල දොළවල් බිඳී එන්නේ ය. 7මිරිඟුව ජල පොකුණක් වෙයි. වියළි බිම උල්පත්වලින් පිරෙයි. සිවලුන් ලැගුම් ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේ ය. 8ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ. 9සිංහයෝ එහි නොවෙති, දරුණු මෘගයෝ එමඟෙහි හමු නොවෙති, සමිඳුන් විසින් මුදාගනු ලැබූ අය පමණක් එහි ගමන් ගනිති. 10ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.
Responsorial Psalm

ගීතාවලිය 85:9 and 10, 11-12, 13-14

9එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය. 10තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය. 11විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය. 12සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය. 13දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
Alleluia

:-

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Gospel

ශුද්ධ වූ ලූක් 5:17-26

17එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ. 18එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. ඔව්හු ඔහු ඇතුළට ගෙනවුත් උන් වහන්සේ ඉදිරියෙහි තබන්න සෙවූ හ. 19එහෙත්, සමූහයා නිසා ඇතුළට ගෙන යන්නට මඟක් නොදැක පියස්සට නැඟී සෙවිල්ල ඇර, ජේසුස් වහන්සේ ඉදිරියෙහි පිරිස මැදට මෙ‍ට්ටයත් සමඟ රෝගියා බැස්වූ හ. 20උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ”මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි වදාළ සේක. 21එවිට විනයධරයෝ ද පරිසිවරු ද, ”දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ”යි විවාද කරන්න පටන්ගත්හ. 22ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්, ”ඔබේ සිත් තුළ මෙ‍සේ විවාද කරන්නේ මන් ද? 23වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද? 24එහෙත්, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණිස මම මෙ‍ය කරමි”යි කියා, උන් වහන්සේ, ”මෙ‍ට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි”යි අංසබාග රෝගියාට වදාළ සේක. 25එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙ‍ට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය. 26සියල්ලෝ විස්මිත ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් බියෙන් ඇලළී, ”අද අපි හරි පුදුම දේ දුටුවෙමු”යි කී හ.