දෙසැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
2728293031
අද දිනට

කියවීම්

2026 දෙසැම්බර් 9

Wednesday of the Second Week of Advent

දවසේ දේව මෙහෙය
Reading I

යෙසායා 40:25-31

25සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුට ද? එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේ ද? 26අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ. 27අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි! අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි! සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද? 28සමිඳුන්, සදාතන දෙවිඳුන් බවත්, සකල ලෝකය මැවූ බවත්, එතුමන්ට වෙහෙස මහන්සි නොදැනෙන බවත්, එතුමන්ගේ ප්‍රඥාව අචින්ත්‍ය බවත් ඔබ දන්නේ නැද් ද? අසා නැද් ද? 29එතුමාණෝ, ක්ලාන්ත වන අයට ශක්තියත්, බෙලහීනයන්ට සවියත් දෙන සේක. 30තරුණයෝ පවා දුබල වෙති; යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති. 31එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය; රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය; ඔව්හු දුවන්නෝ ය; එහෙත්, වෙහෙස නොවන්නෝ ය; ඇවිදින්නෝ ය; එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 103:1-2, 3-4, 8 and 10

1මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න. 2මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. 3එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක. 4මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක. 8සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය. 10එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
Alleluia

:-

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Gospel

ශුද්ධ වූ මතෙව් 11:28-30

28වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි. 29මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. 30මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.”