දෙසැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
2728293031
අද දිනට

කියවීම්

2026 දෙසැම්බර් 3

Memorial of Saint Francis Xavier, Priest

දවසේ දේව මෙහෙය
Reading I

යෙසායා 26:1-6

1ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය. 2හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව. 3තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක. 4සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක. 5එතුමාණෝ උඩඟු අය පහත් කළ සේක; ඔවුන් විසූ බලවත් නගර බිඳ හෙළූ සේක. එහි පවුරු පොඩිපට්ටම් කොට දූවිල්ලට ඇද දැමූ සේක. 6පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති. ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති.
Responsorial Psalm

ගීතාවලිය 118:1 and 8-9, 19-21, 25-27

1සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය. 8මිනිසා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත. 9අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත. 19දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි. 20මෙන්න, සමිඳුන්ගේ දොරටුව! දැහැමියෝ එයින් ඇතුල් වන්නෝ ය. 21මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක. 25සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව. 26සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු. 27සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.
Alleluia

යෙසායා 55:6

6හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.
Gospel

ශුද්ධ වූ මතෙව් 7:21, 24-27

21ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය. 24එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය. 25වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි. 26තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය. 27වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”