කියවීම්
2027 ඔක්තෝබර් 10
Twenty-eighth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
සලමොන්ගේ ප්‍රඥාව 7: 7-11
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Responsorial Psalm
ගීතාවලිය 90: 12-13, 14-15, 16-17
12දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.
13සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.
14උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.
15අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.
16ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව.
17අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!
Second Reading
හෙබ්‍රෙව් 4: 12-13
12දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
13උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.
Alleluia
ශුද්ධ වූ මතෙව් 5: 3
3බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
Gospel
ශුද්ධ වූ මාර්ක් 10: 17-30
17උන් වහන්සේ මඟ බැස ගමන් ගනිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, ”යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.
18ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”මා යහපත් යයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ.
19ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; වංචා නොකරන්න; නුඹේ පියාටත්, මවටත් ගෞරව කරන්න යනු”යි වදාළ සේක.
20ඔහු ද උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, මම මේ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කෙළෙමි”යි උන් වහන්සේට කීවේ ය.
21ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ඔහු කෙරෙහි මෙත් සිත් වඩා, ”ඔබට එක අඩු පාඩුවක් ඇත; යන්න, ඔබ සතු සියල්ල විකුණන්න; විකුණා දිළිඳුන්ට දෙන්න; ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය. එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.
22එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී, දොම්නසින් පිරී එතැනින් නික්ම ගියේ ය. එසේ කෙළේ, ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි.
23එවිට ජේසුස් වහන්සේ අවට බලා, ”ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර දැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.
24ශ්‍රාවකයෝ ද ඒ අසා විස්මයට පත්වූ හ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක; ”දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද?
25ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය.”
26ඔව්හු අතිශයින් මවිත වී, ”එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඔවුනොවුන් අතර කියාගත්හ.
27ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, ”මිනිසුන්ට නම් එය කළ නොහැකි ය. දෙවියන් වහන්සේට එසේ නොවේ; දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි ය”යි වදාළ සේක.
28පේදුරු කතා කරමින්, ”බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු”යි කී ය.
29ජේසුස් වහන්සේ ද, ”සැබැවින් ම මම ඔබට කියමි; මා නිසා ද සුබ අස්න නිසා ද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද,
30ඔහු දැන් මේ කාලයේ දී ම සිය ගුණයක් ගේදොර ද සොහොයුරන් ද සොහොයුරියන් ද මවුවරුන් ද දරුවන් ද ගම්බිම් ද ඒ සමඟ පීඩා ද, එන යුගයේ දී සදාතන ජීවනය ද නොලබා නොසිටින්නෝ ය.