අගෝස්තු 2027

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2027 අගෝස්තු 2

Ordinary Weekday/ Eusebius of Vercelli, Bishop/ Peter Julian Eymard, Priest

Peter Julian Eymard, Priest
First Reading

ගණන් කථාව 11: 4b-15

4ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, ”අපට කෑමට මස් දෙන්නේ කවුරු ද? 5අප මිසර දේශයේ දී නොමිලේ කෑ මාලු ද පිපිඤ්ඤ, කොමඩු, ලීක්ස්, රතු ලූනු හා සුදු ලූනු ද අපට මතක ය. 6දැන් නම් අපි හෙම්බත් වී සිටිමු. අපේ ඇහැට පේන මන්නා ආහාරය හැර වෙන කිසිවක් අපට නැතැ”යි කීවෝ ය. 7මන්නා, කොත්තමල්ලි ඇට මෙන් විය. එහි පැහැය සුවඳලාටු මෙන් විය. 8සෙනඟ ඔබමොබ ගොස් ඒවා රැස් කොට, ගලෙන් අඹරා හෝ වංගෙඩියේ ලා කොටා හෝ බඳුන්වල පිළියෙළ කොට රොටි සෑදූ හ. එහි පිරිසිදු තෙලින් බැදූ රොටිවල මෙන් රහක් තිබිණි. 9රාත්‍රියේ දී කඳවුර මත පිණි වැටුණු විට, එය සමඟ මන්නා වැටිණි. 10සෙනඟ ද පවුල් වශයෙන්, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට හඬනු මෝසෙස්ට ඇසිණි. සමිඳාණන් වහන්සේගේ කො‍්පය ද ඉමහත් ලෙස දැල්විණි. මෝසෙස් දුකට පත් විය. 11ඔහු සමිඳාණන් වහන්සේට කතා කොට, ”ඔබේ සේවකයාට ඔබ පීඩා කරන්නේ මන් ද? ඔබට මා අප්‍රසන්න වී ඇත්තේ කුමන හේතුවකින් ද? මේ මුළු සෙනඟ ගැන වගකීම ඔබ මට පවරා තිබෙන්නේ ඇයි? 12මම මේ මුළු සෙනඟ පිළිසිඳ නොගත්තෙමි. ‘ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට, කිරි මවක කිරි බොන දරුවෙකු උසුලාගෙන යන ලෙස, ඔවුන් ඔබේ තුරුල්ලේ රැගෙන යන්න’ කියා ඔබ මට කීමට ඇත්තෙන් ම ඔවුන් ජනිත කෙළේ මම ද? 13මේ මුළු සෙනඟට මා මස් කොහෙන් සොයා ගෙනැවිත් කන්න දෙන්න ද? ‘අපට කන්නට මස් දෙන්නැ’යි කියා ඔව්හු මා ළඟ හඬමින් සිටිති. 14මුළු සෙනඟ ගැන වගකීම මට තනි ව දැරීමට බැරි ය. 15ඔබ මට මෙසේ කරන්නෙහි නම්, කරුණාකර, මා මරාදමනු මැනවි. එවිට මගේ කාලකණ්ණිකම මට ම නොපෙනී යනු ඇතැ”යි කීවේ ය.
Responsorial Psalm

ගීතාවලිය 81: 12-13, 14-15, 16-17

12ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි. එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය. 13මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද? 14එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි; ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි. 15සමිඳුන් හට වෛර කරන්නෝ එතුමන් අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය. ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය. 16එතුමාණෝ ඉස්තරම් ධාන්‍යයෙන් ඔබ පෝෂණය කරන සේක. වන මී පැණියෙන් මම ඔබ සෑහීමට පත් කරන්නෙමි.”
Alleluia

ශුද්ධ වූ මතෙව් 4: 4

4උන් වහන්සේ උත්තර දෙමින්, ” ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 14: 13-21

13ජේසුස් වහන්සේ ඒ අසා එතැනින් නික්ම, ඔරුවකින් හුදකලා තැනකට වෙන් ව වැඩිය සේක. ජනකාය ඒ අසා නුවරවලින් පිටත් ව අවුත් උන් වහන්සේ පස්සේ පයින් ගියහ. 14උන් වහන්සේ ගොඩ බැස, විශාල ජනකායක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ගේ රෝගීන් සුවපත් කළ සේක. 15සවස් වූ කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, ”මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ. 16ඔවුන් යවන්නට වුවමනාවක් නැත; ඔබ ඔවුන්ට කන්න දෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. 17ඔව්හු ද, ”අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැ”යි උන් වහන්සේට කී හ. 18ඒවා මෙහි මා වෙත ගෙනෙන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. 19තණ කොළ මත හිඳගන්නට ජනකායට අණ කොට, උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදය පවසා, රොටි කඩා ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ද එය සෙනඟට දුන්හ. 20හැම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඔව්හු ඉතිරි කැබලි එක් කොට කූඩා දොළසක් පුරවාගත්හ. 21ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑම කෑ පුරුෂයෝ පන්දහසක් පමණ වූ හ.