අගෝස්තු 2027

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2027 අගෝස්තු 9

Ordinary Weekday/ Teresa Benedicta of the Cross, Virgin, Martyr

Teresa Benedicta of the Cross, Virgin, Martyr
First Reading

ද්විතීය නීති සංග්‍රහය 10: 12-22

12දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්, 13මා අද දින ඔබේ ශුභසිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණපණත්, නීති හා නියෝග පිළිපැදීමත් ය. 14බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය. 15එහෙත්, උන් වහන්සේ ඔබේ පියවරුන්ට ඉමහත් ප්‍රේමයක් දක්වමින් ඔවුන්ගෙන් පසු, අද පවතින පරිදි, ඔවුන්ගේ පෙළපත වන ඔබ ද අන් සියලු ජාතීන් අතරින් තෝරාගත් සේක. 16එබැවින් ඔබේ සිත් සතන්හි පාප මල කපා හැර, මින්පසු මුරණ්ඩු නොවන්න. 17ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දේවාතිදේව ය. ස්වාමිවරුන්ගේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ මහා බලසම්පන්න, බිය උපදවන සුලු, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, අල්ලස් නොගන්න දෙවියන් වහන්සේ ය. 18උන් වහන්සේ අනාථ වූවන්ට සහ වැන්දඹුවන්ට යුක්තිය ඉටු කරන සේක. ආගන්තුකයන් හට කෑම, ඇඳීම දෙමින් ප්‍රේමය දක්වන සේක. 19බැවින්, ඔබ ද මිසර දේශයෙහි ආගන්තුකයන් ව සිටි බැවින්, මොවුන්ට ප්‍රේමය දක්වන්න. 20ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ඔබ ගරුබිය දක්වමින් උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේට පමණක් ඇළුම් ව සිටිය යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය. 21ඔබ ප්‍රශංසා කළ යුත්තේ, බල බලා සිටිය දී ම මේ මහා භයානක දේවල් ඔබ උදෙසා ඉටු කළ, ඔබේ දෙවියන් වහන්සේට ය. 22ඔබේ පියවරුන් මිසර දේශයට යන විට සිටියේ හැත්තෑදෙනෙකි. එහෙත්, දැන් නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අහසේ තරු මෙන් ගණනින් ඔබ වැඩි වර්ධනය කර ඇත.”
Responsorial Psalm

ගීතාවලිය 147: 12-13, 14-15, 19-20

12එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. 13මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක; තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක. 14තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක. 15එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි. 19එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පණත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක. 20එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක. ඔව්හු එතුමන්ගේ නියමයන් දැන නොගත්තෝ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Alleluia

2 තෙසලෝනික 2: 14

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Gospel

ශුද්ධ වූ මතෙව් 17: 22-27

22ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ”මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවාදෙනු ලබන සේක. 23ඔව්හු එතුමාණන් මරන්නෝ ය. එහෙත් තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක. ඒ ඇසූ ඔව්හු අතිශයින් ශෝක වූ හ. 24ඔවුන් කපර්ණවුමට ආ කල දේව මාලිගා බද්ද අය කරන්නෝ පේදුරු වෙතට අවුත්, ”ඔබගේ ගුරුදේවයන් දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ”යි ඇසූහ. 25ගෙවන සේකැ”යි ඔහු කී ය. ඔහු ගෙට පිවිසි කල, යමක් කියන්න පෙර, ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”සීමොන්, මේ ගැන ඔබගේ අදහස කුමක් ද? මෙලොව රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන් ද? සිය සෙනඟගෙන් ද නොහොත් විදේශීන්ගෙන් දැ”යි ඇසූ සේක. 26විදේශීන්ගෙන් ය”යි ඔහු කී කල, ජේසුස් වහන්සේ කතා කොට, ”එසේ නම් ස්වදේශීය සෙනඟ නිදහස් ය. 27එහෙත්, අප ඔවුන්ට බාධාවක් නොවන පිණිස, ඔබ මුහුදට ගොස් බිළි බා, මුලින් ම අසුවන මාළුවා ගෙන, උගේ කට ඇරිය විට රිදී කාසියක් ඔබට සම්බ වන්නේ ය. එය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්නැ”යි වදාළ සේක.