අගෝස්තු 2027

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2027 අගෝස්තු 11

Clare, Virgin, Religious Founder Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

ද්විතීය නීති සංග්‍රහය 34: 1-12

1ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබො‍් නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද 2නප්තලීගේ මුළු දේශය ද එප්‍රායිම්ගේ සහ මනස්සේගේ දේශයෙන් ද මධ්‍යධරණි මුහුද දක්වා පිහිටි ජුදාගේ මුළු දේශය ද 3දකුණු දිග ද ඉඳි ගස් නගරය යන අර්ථය ඇති ජෙරිකෝව පිහිටි මිටියාවතේ සිට ශෝවර් දක්වා තිබෙන තැනිතලාව ද පෙන්වූ සේක. 4ඉන්පසු සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ” ‘නුඹේ ගෝත්‍රයට දෙන්නෙමි’යි කියා ආබ්‍රහම් ද ඊසාක් සහ ජාකොබ්ට ද දිවුළ දේශය මේ ය. දේශය නුඹේ දෙනෙතින් දකින්නට සැලැස්වීමි. එහෙත්, නුඹ ඊට ඇතුළු නො වන්නෙහි ය”යි වදාළ සේක. 5මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්, උන් වහන්සේ වදාළ පරිදි මෝවබ් දේශයේ දී මියගියේ ය. 6උන් වහන්සේ බෙත්-පෙයො‍්ර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝවබ් දේශයෙහි තැනිතලාවක ඔහු භූමදාන කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති. 7මෝසෙස් මියයන විට ඔහුට වයස අවුරුදු එකසිය විස්සකි. ඔහුගේ ඇස් පෙනීම හොඳට තිබිණි. ශරීර ශක්තිය ද අඩු නො වී ය. 8ඉශ්රායෙල් ජනතාව මෝවබ් මිටියාවතේ මෝසෙස් ගැන දවස් තිහක් හඬා වැලපුණො‍් ය. හඬා වැලපෙන කාලය ද අවමංගල්‍යයේ වත්පිළිවෙත් කාලය ද නිම විය. 9මෝසෙස්, නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉශ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය. 10සමිඳාණන් වහන්සේ මුහුණට මුහුණ ලා ඇඳිනගත් මෝසෙස්ට සමාන දිවැසිවරයෙක් ඉන්පසු ඉශ්රායෙල්වරුන් අතර තවත් නො වී ය. 11සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබ, මිසර දේශයෙහි පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීන් ද මුළු සෙනඟ ද ඉදිරියෙහි හාස්කම් සහ අරුමපුදුම දේ කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නො වී ය. 12මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී සිය බාහු බලයෙන් මහත් ත්‍රාසජනක දේවල් ද කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නො වී ය.
Responsorial Psalm

ගීතාවලිය 66: 1-3a, 5 and 8, 16-17

1ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න. 2එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න. 3දෙවි තුමන්ට මෙලෙස කියන්න: ”ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය. 5එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය. 8ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න; එතුමන් වෙත නඟන පැසසුම පතුරුවා හරින්න. 16දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි. 17මා මුවින් මම එතුමන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.
Alleluia

2 කොරින්ති 5: 19

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Gospel

ශුද්ධ වූ මතෙව් 18: 15-20

15ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය. 16නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න. 17ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න. 18සැබැවින් ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහි දී යමක් බඳින්නහු ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නහු ද, එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය. 19නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් අයැදින කවර දෙයක් ගැන වුව ද එකඟ වන්නෝ නම්, ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේ ය. 20මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”