කියවීම්
2026 මැයි 24
Pentecost Sunday - Mass during the Day (Mass During the Day)
Extended Vigil Mass
Responsorial Psalm
ගීතාවලිය 33:10-11, 12-13, 14-15
10හිමි තුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක.
11එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය.
12සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය.
13හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක; මුළු මිනිස් සංහතිය දක්නා සේක.
14එතුමාණෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලන සේක.
15ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය.
Reading II
නික්මයාම 19:3-8, 16-20
3මෝසෙස් දෙවියන් වහන්සේ හමු වීමට කන්දට නැංගේ ය. එවිට සමිඳාණන් වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා, ”නුඹ ජාකොබ්ගේ පෙළපත වන ඉශ්රායෙල් ජනයාට මෙසේ කිව යුතු ය:
4‘මා මිසර වැසියන්ට කළ දේ ද, මා නුඹලා රාජාලියෙකුගේ පියාපත් උඩ ගෙනෙන මෙන් මා වෙත නුඹලා උසුලාගෙන පැමිණි අයුරු ද නුඹලා දුටුවහු ය.
5එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.
6නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක.
7ඉන්පසු මෝසෙස් පැමිණ, සෙනඟගේ ප්‍රජා මූලිකයන් කැඳවා සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ මේ සියලු දේ ඔවුන්ට දැන්වී ය.
8එවිට මුළු සෙනඟ ද එක්සත් ව පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. ඉන්පසු මෝසෙස් සෙනඟ කී දේ සමිඳාණන් වහන්සේට සැළ කෙළේ ය.
16තුන් වන දවස උදා වූ විට කන්ද මත මේඝ ගර්ජනා හා විදුලි කෙටීම් ද, ඝන වලාකුළක් ද, තද හොරණෑ හඬක් ද විය. කඳවුරේ සිටි සියලු සෙනඟ වෙව්ලන්නට වූ හ.
17එවිට මෝසෙස් දෙවියන් වහන්සේ හමු වන පිණිස සෙනඟ කඳවුරින් පිටතට ගෙනාවේ ය. ඔව්හු කන්ද පාමුල සිටගත්හ.
18සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.
19හොරණෑ හඬ ද දිගට ම නද දෙමින් එන්න එන්න වැඩි විය. මෝසෙස් කතා කළ විට දෙවියන් වහන්සේ ගිගුරුම් හඬකින් උත්තර දුන් සේක.
20සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය.
Responsorial Psalm
දානියෙල් 3:52, 53, 54, 55, 56
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Reading III
එසකියෙල් 37:1-14
1සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේ ය. උන් වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටුවලින් පිරී තිබුණ මිටියාවතක් මැද මා සිටෙවු සේක.
2උන් වහන්සේ මට ඒවා අතරේ ඔබමොබ යන්න සැලැසූ සේක. එවිට මිටියාවතේ ඇටකටු බහුල ව තිබෙනු මම දිටිමි. ඒවා හොඳට ම වියළී තිබුණේ ය.
3උන් වහන්සේ මට කතා කොට, ”මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ”යි මාගෙන් ඇසූ සේක. මම ද ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එය දන්නේ ඔබ ය”යි උත්තර දිනිමි.
4උන් වහන්සේ යළිත් මට කතා කොට, ”නුඹ මේ ඇටකටුවලට දිවැස් වැකි පවසා, මෙසේ කියන්න: අහෝ වියළි ඇටකටු! සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.
5මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය.
6මම නුඹලාට නහර දෙමි; නුඹලා පිට මාංසය හටගන්වා, නුඹලා සමින් වසා, ජීවත් වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා ද දැනගනු ඇත.”
7එවිට මට අණ කළ ලෙස මම දිවැස් වැකි පැවසීමි. මා දිවැස් වැකි පවසද්දී ශබ්දයක් ද සට සට ගාන හඬක් ද ඇති වී එක එක ඇටය එකට එක එකතු විය.
8මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංසය හටගැනී ඒවා සමින් වැසුණේ ය. එහෙත්, ඒවා තුළ ජීවන හුස්ම නො වී ය.
9එවිට උන් වහන්සේ මට කතා කොට, ”නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”
10මම ද උන් වහන්සේ මට අණ කළ පරිදි දිවැස් වැකි පැවසීමි. එවිට ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණ, ඔව්හු ජීවය ලැබ, නැඟිට, ඉතා මහත් සේනාවක් ව සිටගත්තෝ ය.
11එවිට උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු වනාහි මුළු ඉශ්රායෙල් වංශය ය. ‘අපේ ඇටකටු වියළී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහමුලින් ම සිඳ දමනු ලැබීමු’යි ඔව්හු කියති.
12එබැවින් නුඹ දිවැස් වැකි පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. ‘මාගේ ජනයෙනි, මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟුටුවා, නුඹලා ඉශ්රායෙල් රටට පමුණුවන්නෙමි.
13එම්බා මාගේ සෙනඟෙනි! මා නුඹලාගේ සොහොන් විවර කොට, නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟිටෙව් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
14නුඹලා ජීවත් වන පිණිස මම නුඹලා තුළ මාගේ ආත්මානුභාවය නිදන් කර නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි.’ මෙසේ, ස්වාමීන් වන මා එසේ වදාළ බව ද එය ඉටු කළ බව ද නුඹලා දැනගන්නහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.”
Responsorial Psalm
ගීතාවලිය 107:2-3, 4-5, 6-7, 8-9
2සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා! මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක.
3එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක.
4සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.
5සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.
6එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.
7වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක.
8සමිඳුන්ගේ තිර පෙම ගැන ද මිනිසුන්ට කළ පුදුම දේ ගැන ද ඔව්හු එතුමන්ට පැසසුම් කරත් වා!
9මන්ද, එතුමාණෝ පිපාසිත වූවන් තෘප්තියට පමුණුවන සේක; සාගිනි වූවන් යහපත් දෙයින් පිනවන සේක.
Reading IV
ජෝවෙල් 3:1-5
1ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි. එවිට, නුඹලාගේ දූ පුත්තු දිවැස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති; තරුණයෝ දර්ශන දකිති.
2ඒ කාලයේ දී, දැසිදසුන් කෙරෙහි වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි.
3ඒ දවස ගැන අහස් ගැබෙහි හා පොළෝ තලයේ මම පෙර නිමිති දක්වාලමි. ලේ ද ගිනි ද දුම් කඳු ද එකල ඇති වේ.
4උදාර, අතිභයානක දවස වන සමිඳුන්ගේ දවස, උදා වන්නට පෙර ඉර අඳුරු වන්නේ ය; හඳ ලේ පාට වන්නේ ය.
5එවිට, සමිඳුන්ගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය. සමිඳුන් කියා ඇති පරිදි ගැළවෙන අය ද ඉතිරි අය අතර සමිඳුන් කැඳවන අය ද සියොන් කන්දේ සහ ජෙරුසලමේ සිටිනු ඇත.
Responsorial Psalm
ගීතාවලිය 104:1-2, 24, 35, 27-28, 29-30
1මාගේ සිත, සමිඳුන් පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.
2ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක; වියනක් මෙන් අහස විහිදාලන සේක.
24සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
35පව්කාරයෝ පොළෝ තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
27උන්ගේ කෑම නියම කලට ලබන පිණිස උන් සියලු දෙන ඔබ දෙස බලා සිටිති.
28ඔබ උන්ට දෙන දේ උන් එකතු කර ගනිති. ඔබේ අත විදහන විට උන් කුසගින්න නිවාගනිති.
29ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති. ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති.
30එහෙත්, ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති. ඔබ පොළෝ තලයට නව දිවියක් දෙන සේක.
Epistle
රෝම 8:22-27
22මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු.
23එපමණක් නොව, ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් පල ලැබූ අපි ද, අපේ කායික මිදීම වන, පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළ ම සුසුම් ලමු.
24අප ගැළවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරණකොටගෙන ය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමට ද?
25එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම්, එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු.
26එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක.
27අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි.
Mass During the Day
Reading I
ක්‍රියා 2:1-11
1තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ.
2එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය.
3ගිනි දලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි.
4ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.
5එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය.
6මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ.
7ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, ”බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද?
8අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද?
9පාතිවරුන් ද මේදවරුන් ද එලාම්වරුන් ද මෙසොපොතේමියාවෙහිත් ජුදය සහ කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්,
10පිරිගිය සහ පම්පිලියායෙහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන් ද
11ක්‍රීතවරුන් හා අරාබිවරු ද වන අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ”යි කී හ.
Responsorial Psalm
ගීතාවලිය 104:1, 24, 29-30, 31, 34
1මාගේ සිත, සමිඳුන් පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.
24සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
29ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති. ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති.
30එහෙත්, ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති. ඔබ පොළෝ තලයට නව දිවියක් දෙන සේක.
31සමිඳුන්ගේ මහිමය සදහට ම පවතී වා! සමිඳාණෝ තමන් මැවූ සියල්ල ගැන සතුටු වෙත් වා!
34මාගේ භාවනාව සමිඳුන්ට ප්‍රසන්න වේ වා! මන්ද, මගේ ප්‍රීතිය එන්නේ එතුමන්ගෙන් ය.
Reading II
1 කොරින්ති 12:3-7, 12-13
3එබැවින්, දේවාත්මයාණන් කරණකොටගෙන කතා කරන කිසිවෙකු ‘ජේසුස් වහන්සේ සාප ලත් කෙනෙකැ’යි නොකියන බව ද, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මිස ”ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය”යි කීමට කිසිවෙකුට නොහැකි බව ද මම ඔබට තරයේ කියා සිටිමි.
4විවිධාකාර දීමනා ඇතත්, සිටින්නේ එක ම ශුද්ධාත්මයාණෝ ය.
5විවිධාකාර සේවා ඇතත්, සිටින්නේ එක ම සමිඳාණන් වහන්සේ ය.
6විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය.
7අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත.
12මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක.
13මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු.
Gospel
ශුද්ධ වූ ජොහන් 20:19-23
19සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, ”ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක.
20උන් වහන්සේ මෙසේ වදාරා තමන් අත් ද ඇලය ද ඔවුන්ට පෙන්වූ සේක. ශ්‍රාවකයෝ සමිඳාණන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ.
21ඔබට ශාන්තිය වේ වා!”යි යළිත් උන් වහන්සේ ඔවුන්ට වදාරා ”පියාණන් වහන්සේ මා එවා වදාළාක් මෙන් මම ද ඔබ යවමි”යි ඔවුන්ට කී සේක.
22උන් වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙළා, ”ශුද්ධාත්මයාණන් පිළිගන්න;
23ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා නොකරනු ලැබේ ය”යි ඔවුන්ට වදාළ සේක.
Vigil Mass
Reading I
උත්පත්ති කථාව 11:1-9
1තවද, ඒ කාලයේ දී සකල ලෝවැසි මිනිසුන් කතා කෙළේ එක ම භාෂාවකි; භාවිත කෙළේ ද එක ම වචන මාලාවකි.
2නැගෙනහිර දිශාවට යන අතර ෂිනාර් නම් ප්‍රදේශයේ තැනිතලාවක් සම්බ වී, ඔව්හු එහි පදිංචි වූ හ.
3ඔව්හු එකිනෙකාට කතා කරමින්, ”එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්සමු”යි කී හ. මෙසේ ඔව්හු ගල් වෙනුවට ගඩොල් ද, හුණු බදාම වෙනුවට කීල් ද පාවිච්චි කළහ.
4එවිට ඔව්හු කතා කොට, ”එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.
5ඒ මිනිසුන් ගොඩනැගූ නගරය සහ කොත බැලීම සඳහා සමිඳාණන් වහන්සේ බැස වැඩිය සේක.
6උන් වහන්සේ, ”බලන්න, මේ සියල්ලෝ එක ම ජනතාවකි; ඔව්හු සියල්ලෝ ම එක ම භාෂාවක් කතා කරති; මේ ඔවුන් කරන්නට යන දේවල මුල් පියවර ය. වැඩි කල් යන්නට පෙර ඔවුන්ට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇත.
7එබැවින් අපි බැස ගොස්, ඔවුන් එකිනෙකාට නොවැටෙහන පරිදි, ඔවුන්ගේ භාෂාව අවුල් වියවුල් කරමු”යි වදාළ සේක.
8මෙසේ උන් වහන්සේ පොළෝ තලය මත ඔවුන් විසුරුවා හැරිය සේක. ඔව්හු ද නගරය ගොඩනැඟීම නැවැත්වූ හ.
9සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක.
Responsorial Psalm
ගීතාවලිය 104:1-2, 24, 35, 27-28, 29, 30
1මාගේ සිත, සමිඳුන් පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.
2ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක; වියනක් මෙන් අහස විහිදාලන සේක.
24සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
35පව්කාරයෝ පොළෝ තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
27උන්ගේ කෑම නියම කලට ලබන පිණිස උන් සියලු දෙන ඔබ දෙස බලා සිටිති.
28ඔබ උන්ට දෙන දේ උන් එකතු කර ගනිති. ඔබේ අත විදහන විට උන් කුසගින්න නිවාගනිති.
29ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති. ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති.
30එහෙත්, ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති. ඔබ පොළෝ තලයට නව දිවියක් දෙන සේක.
Reading II
රෝම 8:22-27
22මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු.
23එපමණක් නොව, ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් පල ලැබූ අපි ද, අපේ කායික මිදීම වන, පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළ ම සුසුම් ලමු.
24අප ගැළවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරණකොටගෙන ය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමට ද?
25එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම්, එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු.
26එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක.
27අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි.
Alleluia
:-
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ජොහන් 7:37-39
37මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, ”යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා!
38ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය”යි ප්‍රකාශ කළ සේක.
39උන් වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ව ය. ශුද්ධාත්මයාණන් ඒ තාක් නොදෙන ලද්දේ ය; මන්ද, ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවූ බැවිනි.