මැයි 2026

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2026 මැයි 26

Memorial of Saint Philip Neri, Priest

දවසේ දේව මෙහෙය
Reading I

1 පේදුරු 1:10-16

10ඔබට ලැබෙන්ට නියමිත වරප්‍රසාදය ගැන දිවැස් වැකි පැවසූ දිවැසිවරු ඒ ගැළවීම ගැන බොහෝසෙයින් විපරම් කර සොයා බැලූ හ. 11ඔවුන් තුළ වූ ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්, ක්‍රිස්තුන් වහන්සේට නියම වූ වද විඳීම ද ඉන්පසු පැමිණෙන තේජස ද ගැන කල් තියා පැවසූ විට, ඉන් හඟවනු ලැබුවේ කවර කාලයක් ද කවර ආකාරයක් දැ යි ඔව්හු සොයා බැලූ හ. 12තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති. 13එහෙයින්, ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදි ව සිටින්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න. 14ඔබ නොදැන සිටි කාලයේ දී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න. 15ඔබ කැඳෙව් තැනැන් වහන්සේ ශුද්ධ ව සිටින්නාක් මෙන් ඔබ ද, ඔබගේ මුළු හැසිරීමේ දී ශුද්ධ ව සිටින්න, මන්ද, 16මා ශුද්ධ ව සිටින හෙයින් ඔබත් ශුද්ධ ව සිටිය යුතු ය”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.
Responsorial Psalm

ගීතාවලිය 98:1, 2-3, 3-4

1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක. 2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක. 3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය. 4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
Alleluia

ශුද්ධ වූ මතෙව් 11:25

25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
Gospel

ශුද්ධ වූ මාර්ක් 10:28-31

28පේදුරු කතා කරමින්, ”බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු”යි කී ය. 29ජේසුස් වහන්සේ ද, ”සැබැවින් ම මම ඔබට කියමි; මා නිසා ද සුබ අස්න නිසා ද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, 30ඔහු දැන් මේ කාලයේ දී ම සිය ගුණයක් ගේදොර ද සොහොයුරන් ද සොහොයුරියන් ද මවුවරුන් ද දරුවන් ද ගම්බිම් ද ඒ සමඟ පීඩා ද, එන යුගයේ දී සදාතන ජීවනය ද නොලබා නොසිටින්නෝ ය. 31එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය”යි වදාළ සේක.