සැප්තැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2027 සැප්තැම්බර් 6

Ordinary Weekday/ Labor Day (Labor Day)

Labor Day (Labor Day)
First Reading

කොලොස් 1: 24 - 2: 3

24ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි. 25මේ සභාවේ සේවකයෙකු වශයෙන් දෙවියන් වහන්සේ මා පත් කර, ඔබේ යහපත උදෙසා මට වගකීමක් භාර දුන් සේක. ඒ වගකීම නම්, දෙවියන් වහන්සේගේ පණිවුඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීම ය. 26ඒ පණිවුඩය, යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක් ව සැඟවී තිබී, දැන් උන් වහන්සේ සැදැහැවතුන් හට එය අනාවරණය කර ඇත. 27ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක. 28අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු. 29මේ සඳහා, මා තුළ බලවත් සේ ක්‍රියා කරන ක්‍රිස්තුන් වහන්සේගේ බල මහිමයේ ප්‍රකාරයට දිරි දරමින් වීර්ය කරමි. 1ඔබ උදෙසාත්, ලවෝදීසයේ වැසියන් උදෙසාත්, පෞද්ගලික වශයෙන් මා නුදුටු සියල්ලන් උදෙසාත් මා කෙතරම් අධික ලෙස වෙහෙස මහන්සි දරනවා දැ යි ඔබට දන්වන්නට කැමැත්තෙමි. 2මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් ධෛර්යවත් වන පිණිසත්, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටින පිණිසත්, අවබෝධයෙන් ඇති වන සම්පූර්ණ සහතිකකමේ සම්පත උරුම කරගෙන, දෙවියන් වහන්සේගේ රහස තේරුම්ගන්නා පිණිසත් ය. ඒ රහස ක්‍රිස්තුන් වහන්සේ ම ය. 3උන් වහන්සේ තුළ ප්‍රඥාවේත් දැනගැන්මේත් සකල ධන සම්භාරය නිදන් වී ඇත.
Responsorial Psalm

ගීතාවලිය 62: 6-7, 9

6මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි. 7මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය; මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය. 9පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 10: 27

27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel

ශුද්ධ වූ ලූක් 6: 6-11

6තවත් සබත් දිනෙක උන් වහන්සේ ධර්මශාලාවට ඇතුළු ව ඉගැන්වූ සේක. දකුණු අත පණ නැති මිනිසෙක් එහි විය. 7එවිට විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේට විරුද්ධ ව චෝදනාවක් එල්ල කරන අටියෙන් උන් වහන්සේ සබත් දිනයේ දී සුව කරනු ඇද්දැ යි බලමින් සිටියහ. 8එහෙත්, උන් වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ”නැඟිට මෙ‍හි මැද සිටින්නැ”යි අත පණ නැති මිනිසාට වදාළ සේක. ඔහු එහි නැඟිට සිටියේ ය. 9එකල ජේසුස් වහන්සේ, ”සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක. 10උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, ”ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය. 11එවිට ඔව්හු කෝපයෙන් උමතු වී, ”ජේසුස් වහන්සේට කුමක් කරමු දැ”යි තම තමන් අතර කතා කරගන්නට වූ හ.