කියවීම්
2027 සැප්තැම්බර් 27
Vincent De Paul, Priest, Religious Founder Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
සෙකරියා 8: 1-8
1සියලු බලැති සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණියේ ය.
2සියලු බලැති සමිඳාණන් වහන්සේ පැවසූ පණිවුඩය මෙසේ ය: ”සියොන් වැසියන් උදෙසා මම දැවෙන සෙනෙහසකින් ප්‍රේම කරමි. මේ ප්‍රේමය නිසා ඔවුන්ගේ සතුරන් කෙරෙහි මම උදහස් වීමි.
3ජෙරුසලමෙහි සියොන් කන්දට ආපසු පැමිණ මම එහි වැඩ වාසය කරන්නෙමි. ජෙරුසලම විශ්වාසවන්ත නගරය වශයෙන් ද සියලු බලැති දෙවියන් වහන්සේගේ කන්ද ශුද්ධ කන්ද වශයෙන් ද ප්‍රසිද්ධ වන්නේ ය.
4වයෝවෘද්ධ වූ බැවින් සැරයටි වාරුවෙන් ඇවිදින මහල්ලෝ ද මැහැල්ලෝ ද ජෙරුසලමේ වීථිවල වාඩි වන්නෝ ය.
5නගරයේ වීථි සෙල්ලම් කරන බාලක බාලිකාවන්ගෙන් පිරී යන්නේ ය.
6මේ රටේ දැන් ඉතිරි ව සිටින අයට ඒ දවස්වල දී එය පුදුමයක් ව පෙනුණත් මටත් එය පුදුමයක් ව පෙනේ දැ”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක.
7සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නැගෙනහිර හා බස්නාහිර සිටින මාගේ සෙනඟ මුදාගෙන ජෙරුසලමේ ජීවත් වන පිණිස මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.
8ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
Responsorial Psalm
ගීතාවලිය 102: 16-18, 19-21, 29 and 22-23
16සමිඳාණෝ සියොන් යළි ගොඩනඟන සේක; සිය මහිමාලංකාරයෙන් ප්‍රකාශ වන සේක.
17එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක; ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.
18මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!
19සමිඳාණෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක; එතුමාණෝ ස්වර්ගයේ සිට පොළොව දෙස බැලූ සේක.
20එසේ කෙළේ, සිරකරුවන්ගේ දුක් සුසුම් අසන්න ය; මරණයට නියම වූවන් මුදන්න ය.
21ජනයෝ සියොන්හි දී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේ දී එතුමන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝ ය.
22රාජ්‍යයෝ ද මිනිස් සංහතිය ද සමිඳුන්ට මෙහෙ කිරීමට එක් රැස් වන සෑම විට එසේ කරන්නෝ ය.
23එතුමාණෝ තරුණ වියේ දී මාගේ ශක්තිය හීන කළ සේක; මාගේ ජීවිත කාලය කෙටි කළ සේක.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 10: 45
45කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”
Gospel
ශුද්ධ වූ ලූක් 9: 46-50
46තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම තැනැත්තේ කවරෙක් දැ යි ඔවුන් අතර විවාදයක් මතු විය.
47ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිත්හි නැඟුණු ඒ විවාදය දැන, කුඩා දරුවකු ගෙන තමන් ළඟ සිටුවා,
48මාගේ නාමයෙන් මේ කුඩා දරුවා පිළිගන්න යමෙක් වේ ද, ඔහු මා පිළිගන්නේ ය; යමෙක් මා පිළිගන්නේ ද, ඔහු මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගන්නේ ය. කුමක් හෙයින් ද, ඔබ හැම අතර ඉතා ම සුළු තැනැත්තා ශ්‍රේෂ්ඨතම තැනැත්තා ය”යි වදාළ සේක.
49ජොහන් කතා කරමින්, ”ස්වාමීනි, එක් මිනිසෙක් ඔබගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අපේ පක්ෂයට අයිති නැති නිසා ඔහුට තහනම් කෙළෙමු”යි කී ය.
50එහෙත් ජේසුස් වහන්සේ, ”තහනම් නොකරන්න, මන්ද; ඔබට විපක්ෂ නොවන තැනැත්තේ ඔබට පක්ෂ ය”යි වදාළ සේක.