සැප්තැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2027 සැප්තැම්බර් 16

Cornelius, Pope, Martyr, and Cyprian, Bishop, Martyr Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

1 තිමෝති 4: 12-16

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 111: 7-8, 9, 10

7එතුමන්ගේ ක්‍රියා සත්‍යය හා යුක්තිය ප්‍රකාශ කරයි; එතුමන්ගේ පණත් සියල්ල විශ්වාසී ය. 8ඒවා සදහට ම පවතිනු ඇත. සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේ ය. 9එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක; සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක. එතුමන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය. 10දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ; එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය. එතුමන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.
Alleluia

ශුද්ධ වූ මතෙව් 11: 28

28වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
Gospel

ශුද්ධ වූ ලූක් 7: 36-50

36එක් පරිසිවරයෙක් තමා සමඟ ආහාර වළඳන පිණිස ජේසුස් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදරට වැඩම කර, කෑමට හිඳගත් සේක. 37ඒ නුවර විසූ පව්කාර ස්ත්‍රියක් උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදර කෑමට වැඩහුන් බව දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ කරඬුවක් රැගෙන එතැනට ආවා ය. 38ඈ උන් වහන්සේ පිටිපසින් පාමුල සිට හඬ හඬා, උන් වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඇගේ හිසකේවලින් පිසදමා, උන් වහන්සේගේ පාද සිඹ, සුවඳ විලේපනයෙන් ආලේප කළා ය. 39උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: ”මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය. 40ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”සීමොන්, ඔබට කිය යුතු කරුණක් ඇතැ”යි වදාළ සේක. ඔහු ද, ”ගුරුදේවයෙනි, වදාළ මැනවැ”යි කී ය. 41උන් වහන්සේ කතා කොට, ”මුදල් ණයට දෙන එක්තරා මිනිසෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් රිදී කාසි පන් සියයක් ද, අනිත් තැනැත්තා පණසක් ද ණය ව සිටියෝ ය. 42ණය ගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාට ම කමා කෙළේ ය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දැ”යි ඇසූ සේක. 43සීමොන් උත්තර දෙමින්, ”ඔහු, යමෙකුට වැඩියෙන් කමා වූයේ ද, ඒ තැනැත්තා යයි මම සිතමි”යි කී ය. එවිට උන් වහන්සේ, ”ඔබේ පිළිතුර හරි ය”යි ඔහුට කියා, 44ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කතා කොට, ”මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේ ද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහි ය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකේවලින් ඒවා පිසදැමුවා ය. 45ඔබ මා සිම්බේ නැත. එහෙත්, මෑ මා ආවේලේ පටන් මාගේ පාද සිඹීම නතර නොකළා ය. 46ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකෙළෙහි ය. එහෙත්, මෑ මාගේ පාද සුවඳ විලේපනයෙන් ආලේප කළා ය. 47එබැවින් මම ඔබට කියමි, ඇගේ බොහෝ වූ පව් ඇයට කමා කරන ලද බව ඈ මට දැක් වූ ඇගේ ඉමහත් ප්‍රේමයෙන් ඔප්පු වේ. එහෙත්, යමෙකුට ස්වල්ප වශයෙන් කමා කරනු ඇද්ද, ඔහු ස්වල්ප වශයෙන් ප්‍රේමය දක්වනු ඇතැ”යි වදාළ සේක. 48එවිට උන් වහන්සේ, ”ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි ඇයට වදාළ සේක. 49උන් වහන්සේ සමඟ කෑමට සිටි අය, ”පව් කමාව පවා දෙන මොහු කවරෙක් දැ”යි තම තමන් අතර විමසූ හ. 50එහෙත් උන් වහන්සේ, ”ඔබේ ඇදහිල්ල ඔබට ගැළවීම ගෙන දුන්නේ ය, ශාන්ති සිතින් යන්නැ”යි ඒ ස්ත්‍රියට වදාළ සේක.