සැප්තැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2027 සැප්තැම්බර් 28

Ordinary Weekday/ Wenceslaus, Martyr/ Lawrence Ruiz, Married Man, Martyr, and Companions, Martyrs

Lawrence Ruiz, Married Man, Martyr, and Companions, Martyrs
First Reading

සෙකරියා 8: 20-23

20සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”බලවත් රටවලින් හා බලවත් නගරවලින් සෙනඟ ජෙරුසලමට එන කාලය පැමිණෙන්නේ ය. 21එක නගරයක සෙනඟ තවත් නගරයක සෙනඟ අමතා, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද, උන් වහන්සේගේ ආසිරි පතන පිණිස අපි යන්නෙමු; අප සමඟ එන්නැ’යි කියනු ඇත. 22විශාල සෙනඟක් ද බලසම්පන්න ජාතීහු ද සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද උන් වහන්සේට ආසිරි පතන පිණිස ජෙරුසලමට පැමිණෙන්නෝ ය. 23ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”
Responsorial Psalm

ගීතාවලිය 87: 1b-3, 4-5, 6-7

1ශුද්ධ කන්ද මත සමිඳාණෝ සිය නගරය ගොඩනැඟුව සේක. 2ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක. 3එම්බා දෙවි නුවර! ඔබ ගැන අසිරිමත් දෙය පවසනු ලබන්නේ ය. 4මා පිළිගන්න ජාතීන් අතර මිසරය සහ බබිලෝනිය සඳහන් කරන්නෙමි. ජෙරුසලමේ වැසියන් සමඟ පිලිස්තිය, තීර් සහ එතියෝපියාව යන දේශවල ජනයා ද ගණන් කරන්නෙමි. ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී යැ’යි මිනිස්සු කියන්නෝ ය. 5සියොන් කන්ද ගැන මෙසේ කියනු ලබන්නේ ය; ‘සියලු ජාතීහු එහි උපත ලද්දෝ ය; මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.’ 6ජනතාවන්ගේ ලේඛනයක් සකස් කරන විට, සියලු දෙන ජෙරුසලම් වැසියන් ලෙස, ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී ය’යි සමිඳාණෝ ගණන්ගන්න සේක. 7‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්, ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.
Alleluia

ශුද්ධ වූ මාර්ක් 10: 45

45කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”
Gospel

ශුද්ධ වූ ලූක් 9: 51-56

51තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන් 52තමන්ට පෙරටුව දූතයන් යැවූ සේක. ඔව්හු ගොස් උන් වහන්සේට අවශ්‍ය දේ පිළියෙළ කරන පිණිස සමාරීයයන්ගේ ගමකට ඇතුළු වූ හ. 53එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ. 54උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, ”ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. 55උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක. 56ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.