කියවීම්
2027 සැප්තැම්බර් 25
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary
Optional Memorial of the Blessed Virgin Mary
First Reading
සෙකරියා 2: 5-9, 14-15a
5‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
6එන්න, එන්න, උතුරු දේශයේ සිට පලා එන්න. මම නුඹලා සතර දිග් භාගයෙහි සුළං මෙන් විසුරුවා හරිමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
7බබිලෝනියෙහි වාසය කරන නුඹලා සියොන් නගරයට බේරී එන්න.”
8මේ දර්ශනවලින් පසු සියලු බලැති සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ කොල්ලකෑ ජාතීන් වෙත තේජාන්විත සේවය සඳහා මා යවමින් මෙසේ වදාරන සේක:
9යම් ජාතියක් නුඹලාට පහර දුන්නොත්, එය සමිඳාණන් වහන්සේගේ ඇස් මෙන් වටිනා දෙයට පහරදීමකි. මම ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි. එක් කලෙක නුඹලා වහල් ව සිටි සෙනඟ නුඹලා විසින් කොල්ලකනු ලබති. මෙසේ සිදු වූ විට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා දැනගනු ඇත.
Responsorial Psalm
ජෙරමියා 31: 10, 11-12ab, 13
10එම්බා ජාතීනි, සමිඳුන්ගේ වචනයට සවන් දී දුර බැහැර දිවයින්වල එය ප්‍රකාශ කරන්න. ‘ඉශ්රායෙල් සෙනඟ විසිරවූ මම ඔවුන් රැස් කරන්නෙමි; එඬේරා තම රැළ රැකගන්න පරිදි මම ඔවුන් රැකගන්නෙමි’යි කියන්න.
11ඉශ්රායෙල් සෙනඟට නිදහස දී, බලවත් ජාතීන්ගේ හස්තයෙන් මම ඔවුන් ගළවාගනිමි.
12ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.
13එවිට තරුණියෝ ප්‍රීතියෙන් නටන්නෝ ය. තරුණයෝ ද මහල්ලෝ ද එක් ව ප්‍රීති වන්නෝ ය. මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි. ඔවුන් සනසා ඔවුන්ගේ දොම්නස සොම්නසට හරවන්නෙමි.
Alleluia
2 තිමෝති 1: 10
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ලූක් 9: 43b-45
43ඔවුන් සියල්ලෝ ම දෙවියන් වහන්සේගේ මහානුභාව ගැන විස්මිත වූ හ.
44මා කියන දේ සාවධාන ව සිතට ගන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබන සේකැ”යි වදාළ සේක.
45එහෙත් ඔවුන්ට ඒ කීම අවබෝධ නො වී ය. එය ඔවුන්ට නොවැටහෙන ලෙසින් සැඟවී තිබිණි. ඔව්හු ඒ කීම ගැන උන් වහන්සේගෙන් ඇසීමටත් බිය වූ හ.