අගෝස්තු 2026

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2026 අගෝස්තු 14

Memorial of Saint Maximilian Kolbe, Priest and Martyr

දවසේ දේව මෙහෙය
Reading I

එසකියෙල් 16:1-15, 60, 63

1නැවතත් සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමට ඇගේ පිළිකුල් ක්‍රියා දන්වමින් මෙසේ කියන්න: 3‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරන සේක. ” ” ‘ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිති ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙකි. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියකි. 4නුඹ උපන් දවසේ දී, නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පෙකනිවැළ කැපුවේ වත්, පිරිසිදු කිරීමට නුඹ වතුරෙන් නෑවුවේ වත්, නුඹේ ඇඟේ ලුණු කොහෙත් ම ගෑවේ වත්, නුඹ හාන් රෙදිවලින් එතුවේ වත් නැත. 5නුඹට අනුකම්පා කොට මේවායින් එකක් වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේ ය. නුඹ උපන් දවසේ දී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එළිමහනේ පිටතට විසි කරදමනු ලැබුවෙහි ය. 6‘මා නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර සිටිනු දැක, ‘නුඹ ලේවල වැතිර සිටිය දී ජීවත් වී 7කෙතේ පැළයක් මෙන් වැඩෙන්නැ’යි මම කීවෙමි. නුඹ ද වැඩී, උස් වී පූර්ණ වියට පැමිණියෙහි ය. නුඹේ පියයුරු සෑදුණේ ය. නුඹේ ඉසකේ ද වැඩුණේ ය. එහෙත්, නුඹ නිර්වස්ත්‍ර ව නග්න ව සිටියෙහි ය. 8‘යළිත් මම නුඹ ළඟින් යන විට නුඹ පෙම් බැඳීමේ වයසට පැමිණ සිටි බව දිටිමි. මම මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම් දී, නුඹ සමඟ ගිවිසුමක් කර, ‘නුඹ ද මට අයිති වූවෙහි ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සේක. 9‘එවිට මම නුඹ වතුරෙන් නාවා, නුඹේ සිරුරෙන් ලේ සෝදා හැර නුඹ තෙලින් ආලේප කෙළෙමි. 10විසිතුරු වැඩදැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා, කදිම හම් පාවහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් වසා පට රෙදිවලින් නුඹ සැරසුවෙමි. 11මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලු ද නුඹේ ගෙල වටා මාලයක් ද දැමුවෙමි. 12නුඹේ නාසයේ ආභරණයක් ද නුඹේ කන්වල කුණ්ඩලාභරණ ද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක් ද තැබුවෙමි. 13මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහි ය; නුඹේ වස්ත්‍ර සිහින් හණ රෙදිවලින් හා විසිතුරු දුහුල් රෙදිවලින් විය. නුඹ සිහින් පිටි ද මී පැණි ද තෙල් ද කෑවෙහි ය. නුඹ අතිශයින් ම ශෝභමාන වී රැජිනක බවට පත් වූයෙහි ය. 14නුඹේ ශෝභනකම නිසා නුඹේ යසගොස දස දෙස පැතිර ගියේ ය. මක්නිසා ද, මා නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා නුඹේ ශෝභමානකම පරිපූර්ණ වී ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. 15‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එහෙත්, නුඹේ ශෝභමානකම පිට නුඹ විශ්වාසය තබා, නුඹේ කීර්තිය වේශ්‍යාකම් කිරීමට වාසියක් කරගෙන, ළඟින් යන එකිනෙකා නුඹේ වේශ්‍යාකමට පොළඹවා ගත්තෙහි ය. 60එහෙත්, මා නුඹේ බාල කාලයේ දී නුඹ සමඟ කළ මාගේ ගිවිසුම සිහි කොට, සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි. 63නුඹ කළ සියලු වරදට මම නුඹට කමා වන්නෙමි. එහෙත්, නුඹ ඒවා සිහි කොට ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින්නෙහි ය. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”
Responsorial Psalm

යෙසායා 12:2-3, 4, 5-6

2බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.” 3ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය. 4ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය: ”සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. 5සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න; මුළු ලොවට ම ඒ ගැන දන්වන්න. 6සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
Alleluia

1 තෙසලෝනික 2:13

13තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 19:3-12

3පරිසිවරු උන් වහන්සේ වෙතට පැමිණ උන් වහන්සේ වචනයකින් අල්ලාගන්නා පිණිස, ”යමෙකු විසින් කුමන කරුණක් නිසා වත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 4උන් වහන්සේ උත්තර දෙමින්, ”පටන් ගැන්මේ සිට ම මැවුම්කාරයාණන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද් ද? 5ඒ නිසා මිනිසෙකු තම පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත්, ඒ යුවල එක් කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක. 6මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා”යි වදාළ සේක. 7ඔව්හු කතා කොට, ”එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත් හරින්න මො‍්සෙස් අණ කෙළේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 8උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මො‍්සෙස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසා ය. එහෙත්, පටන් ගැන්මේ සිට එසේ නො වී ය”යි ඔවුන්ට වදාළ සේක. 9තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.” 10ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, ”ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම්, විවාහ නොවී සිටීම වඩා හොඳ ය”යි කීහ. 11එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ”දේව වරමක් ලැබූ අයට මිස, හැම දෙනාට ම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකි ය. 12මන්ද, උත්පත්තියෙන් ම විවාහ විය නොහැකි අය සිටිති; මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අය ද සිටිති; ස්වර්ග රාජ්‍යය අරභයා සිය කැමැත්තෙන් ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගන්න හැකි තැනැත්තේ පිළිගනී වා”යි වදාළ සේක.