කියවීම්
2026 අගෝස්තු 27
Memorial of Saint Monica
දවසේ දේව මෙහෙය
Reading I
1 කොරින්ති 1:1-9
1ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වීමට දේව කැමැත්ත අනුව කැඳවීම ලත් පාවුලු හා අප සොහොයුරු සොස්තනිස්ගෙන්,
2කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතට ය. එනම්, ඒ සභාවේ ක්‍රිස්තුන් වහන්සේට කැප වූ දෙවියන් වහන්සේගේ සෙනඟ වීමට කැඳවීම ලත් අය ද ඔවුන්ගේත් අපගේත් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් සෑම තැන්හි අයැදුම් කරන සියල්ලන් ද වෙතට ය.
3අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!
4ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබට දෙන ලද දේව වරප්‍රසාදය නිසා මම නිතර ම ඔබ ගැන මාගේ දෙවියන් වහන්සේට තුති පුදමි.
5මන්ද, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ඔබ තුළ ස්ථීර වී තිබුන බැවින්,
6ඔබ උන් වහන්සේ තුළ, සියලු ආකාර දෙසීම් ද සියලු ආකාර දැනගැනීම් ද ඇතුළු සියලු දෙයින් ධනවත් වී සිටින්නහු ය.
7මෙසේ ඔබ කිසි ආත්මික දීමනාවකින් නොඅඩු ව අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහු ය.
8අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක.
9ස්වකීය පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සහභාගිකමට ඔබ කැඳවා වදාළ දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ය.
Responsorial Psalm
ගීතාවලිය 145:2-3, 4-5, 6-7
2සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි.
3සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.
4පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.
5මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි.
6දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි.
7ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති.
Alleluia
ශුද්ධ වූ මතෙව් 24:42, 44
42එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය.
44එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”
Gospel
ශුද්ධ වූ මතෙව් 24:42-51
42එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය.
43සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.
44එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”
45තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ස්වාමියා විසින් පත් කරන ලද විශ්වාසී, සිහි නුවණ ඇති දාසයා කවරෙක් ද?
46ස්වාමියා ආ කල යම් දාසයෙකු සිය සේවයෙහි යෙදී සිටිනු දුටුවොත්, ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය.
47සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය.
48එහෙත්, ඔහු අයහපත් දාසයෙකු නම්, ‘මාගේ ස්වාමියා පමාවනු ඇතැ’යි සිතින් සිතා,
49තම දැසිදසුන්ට තළන්න පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්,
50ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී, ඔහුගේ ස්වාමියා අවුත්,
51ඔහුට දරුණු ලෙස දඬුවම් කර, කෛරාටිකයන්ට නියමිත තැන ඔහුටත් නියම කරනු ඇත. එහි දී වැලපීමත් දත්මිටිකෑමත් වන්නේ ය.”