අගෝස්තු 2026

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2026 අගෝස්තු 28

Memorial of Saint Augustine, Bishop and Doctor of the Church

දවසේ දේව මෙහෙය
Reading I

1 කොරින්ති 1:17-25

17ක්‍රිස්තුන් වහන්සේ මා යැව්වේ බව්තීස්ම-ස්නාපනය කිරීමට නොව, සුබ අස්න දේශනා කිරීමට ය. එහෙත් මා එය කළ යුත්තේ මාගේ වියත් කථික බලයෙන් නොවේ. කුමක් හෙයින් ද, මා එසේ කළහොත් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ බලය නිෂ්ප්‍රභ වන බැවිනි. 18කුරුසියේ පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තිය ලබන අපට එය දෙවියන් වහන්සේගේ බලය වේ. 19මේ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: ”මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව වනසාලමි; මම නැණවතුන්ගේ නැණවත්කම පහ කරමි.” යනු යි. 20ප්‍රඥාවන්තයා කොයි ද? විනයධරයා කොයි ද? මේ යුගයේ වාද කරන්නා කොයි ද? මේ ලො‍්කයේ ප්‍රඥාව ප්‍රලාපයක් බව දෙවියන් වහන්සේ හෙළි කර ඇත. 21මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක. 22ජුදෙව්වරු හාස්කම් ඉල්ලති. ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. 23එහෙත් අපි, කුරුසියේ ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු. මෙය ජුදෙව්වරුන්ට පැකිළීමකි. විජාතීන්ට ප්‍රලාපයකි. 24එහෙත් කැඳවීම ලත් ජුදෙව්වරුන්ටත්, ග්‍රීක්වරුන්ටත්, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ. 25ප්‍රලාපයකැ යි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය, මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමකැ යි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි.
Responsorial Psalm

ගීතාවලිය 33:1-2, 4-5, 10-11

1දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි. 2වීණාව වයා හිමි තුමන් පසසන්න; තත් දසයේ වීණාව ගෙන එතුමන්ට පැසසුම් ගීත ගයන්න. 4සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. 5දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය. මහ පොළොව හිමි තුමන්ගේ කරුණාවෙන් පිරී ඇත. 10හිමි තුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක. 11එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය.
Alleluia

ශුද්ධ වූ ලූක් 21:36

36එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”
Gospel

ශුද්ධ වූ මතෙව් 25:1-13

1ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. තෙල් පහන් රැගෙන මනාලයා පෙරමඟට යුවතියෝ දස දෙනෙක් ගියෝ ය. 2ඔවුන් අතරෙන් පස් දෙනෙක් නුවණ නැති අය ය; පස් දෙනෙක් නුවණ ඇති අය ය. 3නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ තෙල් ගෙන ගියේ නැත. 4එහෙත්, නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ බඳුන්හි තෙල් ගෙන ගියහ. 5මනාලයාගේ පැමිණීම පමා වූ කල ඒ සියල්ලෝ ම නිදිබර වී නිදාගත්හ. 6මධ්‍යම රාත්‍රියේ ‘අන්න, මනාලයා! ඔහු පෙරමඟට යන්නැ’යි හඬක් විය. 7එවිට ඒ සියලු යුවතියෝ නැඟිට සිය පහන්වල තිර සකස් කළහ. 8එකල නුවණ නැති අය, ‘අපේ පහන් නිවීගන යයි, ඔබගේ තෙල්වලින් ටිකක් අපට දෙන්නැ’යි නුවණ ඇති අයට කී හ. 9එහෙත්, නුවණ ඇති අය, ‘එසේ කළ නොහැක; අප දෙගොල්ලන්ට ම සෑහෙන තරම් තෙල් මෙහි නැත; එබැවින් වෙළෙඳුන් වෙත ගොස් ඔබ ම මිල දී තෙල් ගන්නැ’යි පිළිතුරු දුන්හ. 10ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී. 11පසුව අනිත් යුවතියෝ අවුත්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපට දොර ඇරිය මැනවැ’යි කී හ. 12එහෙත් මනාලයා ‘මම ඔබ කිසි සේත් නොහඳුනමි’යි පිළිතුරු දුන්නේ ය. 13එබැවින් දවස වත්, පැය වත් ඔබ නොදන්න නිසා අවදි ව ඉන්න.”