අගෝස්තු 2026

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2026 අගෝස්තු 17

Monday of the Twentieth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

එසකියෙල් 24:15-23

15සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 16මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, නුඹ ඉතා ප්‍රේම කරන තැනැත්තිය හදිසියේ ම නුඹෙන් ඉවත් කරගනිමි. එහෙත්, නුඹ විලාප නොකිය යුතු ය; නොහැඬිය යුතු ය; නුඹේ කඳුළු නොවැගිරිය යුතු ය. 17නිහඬ ව සුසුම්ලන්න; මළවුන් ගැන නොවැලපෙන්න; නුඹ නුඹේ ජටාව හිසේ බැඳ ගන්න; නුඹේ වහන් පාදවල දමාගන්න. මුහුණ වසා නොගන්න; මළගෙදර දානය නොකා සිටින්න.” 18මම උදයේ සෙනඟට කතා කෙළෙමි; සවස මාගේ භාර්යාව මළා ය. මට අණ කළ ලෙස පසු දින උදයේ දී මම කෙළෙමි. 19සෙනඟ ද කතා කරමින්, ”නුඹ කරන මේ දේ අපට තේරුම්ගන්න පුළුවන් හැටියට නුඹ අපට නොකියන්නෙහි දැ”යි මාගෙන් ඇසූ හ. 20එවිට මම ඔවුන්ට කතා කෝට මෙසේ කීමි; ”සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක. 21බලන්න, මම නුඹලාගේ උදාර අභිමානය ද නුඹලාගේ නෙත් පිනවන සම්පත ද නුඹලාගේ මන පිනවන අලංකාරය ද වන ශුද්ධස්ථානය කෙලෙසන්නෙමි; නුඹලා අත්හැර ආ නුඹලාගේ දරුදැරියෝ කඩු පහරින් වැටෙන්නෝ ය. 22මා කළාක් මෙන් නුඹලාත් කරනු ඇත. නුඹලා මුහුණ වසා නොගෙන, මළ ගෙදර දානය නොකා සිටිනු ඇත. 23නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.
Responsorial Psalm

ද්විතීය නීති සංග්‍රහය 32:18-19, 20, 21

18ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය. 19සමිඳාණො‍් එය දැක, ඔවුන්ගේ දූ පුතුන් එතුමන් කුපිත කළ නිසා, ඔවුන් පිළිකුල් කළ සේක. 20එතුමාණො‍් මෙසේ වදාළ සේක: මම ඔවුන්ගෙන් මුහුණ සඟවාගනිමි. ඔවුන්ගේ ඉරණම කුමක් දැ යි බලමි. ඔව්හු කපටි පෙළපතකි; අවිශ්වාසී පරපුරකි. 21බොරු දෙවිවරුන් නිසා ඔව්හු මා කුපිත කළහ. එවැනි නිසරු දෙයින් මා උදහස් කළහ. එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම ඔවුන් කුපිත කරවමි. අනුවණ සෙනඟක් ලවා මම ඔවුන් උදහස් කරවමි.
Alleluia

ශුද්ධ වූ මතෙව් 5:3

3බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 19:16-22

16වරක් එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, ”ගුරුදේවයෙනි, සදාතන ජීවනය ලබනු වස්, මා කුමන යහපතක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 17උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක. 18කොයි ආඥා දැ”යි ඔහු උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; 19නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවා ය”යි වදාළ සේක. 20තරුණයා කතා කරමින්, ”මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 21උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. 22එහෙත්, ඒ තරුණයා ඒ කීම අසා, දොම්නස් සිතින් යන්න ගියේ ය. මන්ද, ඔහු බොහෝ ධනසම්පත් ඇති කෙනෙකු වූ බැවිනි.