ජූලි 2027

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2027 ජූලි 16

Ordinary Weekday/ Our Lady of Mount Carmel

Our Lady of Mount Carmel
First Reading

නික්මයාම 11: 10 - 12: 14

10මෝසෙස් හා ආරොන් පාරාවෝ ඉදිරියෙහි මේ සියලු හාස්කම් පෑ හ. සමිඳාණන් වහන්සේ ද පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ඉශ්රායෙල් ජනතාවට තම රටින් නික්ම යෑමට අවසර නුදුන්නේ ය. 1සමිඳාණන් වහන්සේ මිසර දේශයේ දී මෝසෙස් සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: 2මේ මාසය, හැම මාසවලට ම මුල් මාසය විය යුතු ය; අවුරුද්දේ පළමු වන මාසය ද විය යුතු ය. 3නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය. 4යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන්, අසල්වැසි ගෙදර අයගේ සංබ්‍යාව අනුව, ඊට හවුල් කරගත යුතු ය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන, ගිණිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය. 5නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය. 6එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය. 7ඉන්පසු උගේ ලෙයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදර දොරේ උළුවහු කණු දෙකේ ද උළුවස්සේ උඩ ලීයේ ද තැවරිය යුතු ය. 8එම රාත්‍රියේ දී උගේ මාංස අනුභව කළ යුතු ය. එය අනුභව කළ යුත්තේ මඳ ගින්නේ පුළුස්සා, නුමුහුන් රොටි හා තිත්ත පලා සමඟ ය. 9ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතු ය. උගේ හිස, කකුල්, බොකු හා මාංසය මඳ ගින්නේ බදින්නට උවමනා ය. 10උදය කාලය දක්වා ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම්, එය ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. 11තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි. 12එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය. 13නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත. 14මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”
Responsorial Psalm

ගීතාවලිය 116: 12-13, 15 and 16bc, 17-18

12සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද? 13මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි. 15සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය. 16සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක. 17මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි. 18එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,
Alleluia

ශුද්ධ වූ ජොහන් 10: 27

27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel

ශුද්ධ වූ මතෙව් 12: 1-8

1එකල සබත් දිනක දී ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බඩගිනි ව කරල් කඩා කන්නට පටන්ගත්හ. 2පරිසිවරු ඒ දැක, ”බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ. 3උන් වහන්සේ කතා කොට ඔවුන්ට මෙසේ වදාළ සේක: ”දාවිත් රජු තමාට ද සිය පිරිවරට ද බඩගිනි වූ කල්හි කළ දේ, එනම්, 4දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන්ට මිස තමාට වත්, තම පිරිවරට වත් කන්න යුතු නැති පිදූ රොටි කෑ බව ඔබ කියවා නැද් ද? 5නොහොත් දේව මාලිගාවෙහි පූජකයන් සබත් දවසේ දී සබත් නීතිය කඩ කළත්, නිදොස් ව සිටින බව ව්‍යවස්ථාවලියෙහි කියවා නැද් ද? 6එහෙත්, මම ඔබට කියමි, දේව මාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති. 7‘මම යාග පූජාවට නොව, දයානුකම්පාවට කැමැත්තෙමි’ යන කීමේ තේරුම ඔබ දැන සිටියහු නම්, නිදොස් අය පිට වරද නොතබනු ඇත. 8මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය.”