ජූලි 2027

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2027 ජූලි 31

Ignatius of Loyola, Priest, Religious Founder Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

ලෙවී ව්‍යවස්ථාව 25: 1, 8-17

1සමිඳාණන් වහන්සේ සීනයි කන්දේ දී මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: 8අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත. 9එවිට හත් වන මාසයේ දහ වන දින, එනම්, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දින, මුළු රට පුරා හොරණෑව රැව් පිළිරැව් දීමට සැලැස්විය යුතු ය. 10මෙලෙස නුඹලා පණස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය. 11පණස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය. 12එය ජුබිලියක් බැවින්, එය නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතු ය. නුඹලා වගා නොකළ කෙත්වලින් ලැබෙන අස්වැන්න නුඹලාට කන්නට පුළුවන. 13මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය. 14එබැවින් නුඹලා තවත් ඉශ්රායෙල් ජාතිකයෙකුට යමක් විකුණන විට හෝ ඔහුගෙන් යමක් මිලට ගන්න විට හෝ ඔහු සමඟ අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතු ය. 15ජුබිලියෙන් පසු යමක් කෙනෙකුගෙන් මිල දී ගන්න විට, එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ඊළඟ ජුබිලිය දක්වා පලදාව ලබාගන්නට පුළුවන් අවුරුදු ගණන අනුව ය. 16අවුරුදු ගණන වැඩි නම්, මිල වැඩි විය යුතු ය. අවුරුදු ගණන අඩු නම්, මිල අඩු විය යුතු ය. මන්ද, විකුණනු ලබන්නේ අස්වනු ගණන බැවිනි. 17එබැවින් නුඹලා එකිනෙකාට වංචා නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”
Responsorial Psalm

ගීතාවලිය 67: 2-3, 5, 7-8

2එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය; සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය. 3අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා! සියලු ජාතීහු ඔබ පසසත් වා! 5අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා! සියලු ජාතීහු ඔබ පසසත් වා! 7අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා! පොළො‍් වැසි සියල්ලෝ එතුමන්ට ගරු කරත් වා!
Alleluia

ශුද්ධ වූ මතෙව් 5: 10

10යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය;
Gospel

ශුද්ධ වූ මතෙව් 14: 1-12

1එසමයෙහි යුව රජ වූ හෙරොද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා, 2මේ, මළවුන් කෙරෙන් නැඟිට සිටින ස්නාවක ජොහන් ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසා ය”යි තමාගේ මෙහෙකරුවන්ට කී ය. 3මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය. 4මෙසේ කෙළේ, ”ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි. 5ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය. 6එහෙත්, හෙරොද්ගේ උපන් දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියෙහි රඟ පා හෙරොද්ගේ මන පිනවූවා ය. 7එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. 8ඈ ද සිය මවගේ උපදෙස් අනුව, ”ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා මෙහි දී මට දුන මැනවැ”යි කීවා ය. 9ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත්, තමාගේ දිවුරුම නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත්, ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අණ දී, 10කෙනෙකු යවා හිරගෙදර දී ජොහන්ගේ හිස සිඳ වී ය. 11ඒ හිස තැටියක ලා ගෙනැවිත් තරුණියට දෙන ලද්දේ ය. ඈ එය සිය මව වෙත ගෙනාවා ය. 12ජොහන්ගේ ගෝලයෝ අවුත් මෘත දේහය ගෙන ගොස්, තැන්පත් කොට, ඉක්බිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වූ හ.