ජූලි 2027

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2027 ජූලි 9

Ordinary Weekday/ Augustine Zhao Rong, Priest, and Companions, Martyrs

Augustine Zhao Rong, Priest, and Companions, Martyrs
First Reading

උත්පත්ති කථාව 46: 1-7, 28-30

1ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය. 2දෙවියන් වහන්සේ ද රාත්‍රියේ දී ජාකොබ්ට දර්ශනය වී, ”ජාකොබ්, ජාකොබ්” කියා ඔහු ඇමතූ සේක. ඔහු, ”මම මෙහි ය” කියා උත්තර දුනි. 3එවිට උන් වහන්සේ කතා කරමින්, ”මම වනාහි දෙවියන් වහන්සේ වෙමි; නුඹේ පියාගේ දෙවියන් වහන්සේ වෙමි. මිසරයට යෑමට බිය නොවන්න. මන්ද, මම එහි දී නුඹේ පෙළපතින් මහත් ජාතියක් ඇති කරන්නෙමි. 4මම නුඹ සමඟ මිසරයට ගොස් යළි මම ම නුඹ ආපසු ගෙනෙන්නෙමි. තවද, නුඹ මැරෙන විට ජෝසෙප්ගේ අත නුඹේ ඇස් පියවන්නේ ය”යි වදාළ සේක. 5පසුව ජාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත් විය. ජාකොබ්ගේ පුත්‍රයෝ තම පියා ද, තමන්ගේ කුඩා දරුවන් ද, තම භාර්යාවන් ද පාරාවෝ ඔවුන් ගෙන යෑමට එවූ රථවල රැගෙන ගියහ. 6තවද, තමන්ගේ ගව පට්ටි ද, කානාන් දේශයේ දී තමන් උපයාගත් වස්තුව ද රැගෙන ජාකොබ් සහ ඔහු කැටුව ඔහුගේ මුළු පෙළපත මිසරයට පැමිණියහ. 7මෙලෙස ඔහු තම පුත්‍රයන් ද පුත්‍රයන්ගේ පුත්‍රයන් ද පුත්‍රයන්ගේ දූවරුන් ද මුළු දරු පෙළපත ද තමන් කැටුව මිසරයට ගෙන ආවේ ය. 28තවද, ජාකොබ්, ජෝසෙප් ඉදිරියට පැමිණෙන පිණිස, තමාට පෙරටුව ඔහු වෙත ජුදා එවී ය. ඔව්හු ගෝෂෙන් නම් පෙදෙසට පැමිණියා හ. 29එවිට ජෝසෙප් තම රථය සූදානම් කොට, තම පියා වන ජාකොබ් හමු වීමට ගෝෂෙන් බලා ගියේය. තම පියා දුටු කෙණෙහි ම ඔහු ඔහුගේ ගෙල බදාගෙන බොහෝ වේලාවක් ගෙල මත හැඬී ය. 30එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, ”ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය.
Responsorial Psalm

ගීතාවලිය 37: 3-4, 18-19, 27-28, 39-40

3සමිඳුන් කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න. 4සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමන් ඔබේ මන දොළ ඉටු කරනු ඇත. 18හිමි තුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති; ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි. 19විපත් සමයේ දී ඔවුන්ට විපතක් නැත; සාගත සමයේ දී ඔවුන්ට හිඟයක් නැත. 27නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත. 28හිමි තුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති. 39හිමි තුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක. 40හිමි තුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක. සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 16: 13a, 14: 26d

13එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. 14උන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්, මා මහිමයට පමුණුවන සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 10: 16-23

16සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. 17ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත. 18ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියක් පිණිස ඔබ මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත. 19එහෙත්, ඔවුන් ඔබ පාවා දෙන කල, ඔබ කතා කළ යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් දැ යි සිතමින් කරදර නොවන්න. මන්ද, ඔබ කිව යුතු දේ නියම වේලාවේ දී ම ඔබට දෙනු ලැබේ. 20කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයාණෝ ය. 21තවද, සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙන්නෝ ය. දරුවෝ ද මවුපියන්ට විරුද්ධ ව නැඟී සිට ඔවුන් මරණයට පත් කරවන්නෝ ය. 22මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය. 23ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය.