ජූලි 2027

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2027 ජූලි 30

Ordinary Weekday/ Peter Chrysologus, Bishop, Doctor

Peter Chrysologus, Bishop, Doctor
First Reading

ලෙවී ව්‍යවස්ථාව 23: 1, 4-11, 15-16, 27, 34b-37

1සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, 4තවද, ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු, පහත දක්වන සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය, නියමිත කාලවල දී නුඹ ප්‍රකාශ කළ යුතු ය.” 5සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන පාස්කුව අරඹනුයේ පළමු වන මාසයේ දහහතර වන දින සවස ය. 6එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් රොටි මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. 7පළමු වන දින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය. 8දින හතක් තුළ නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජා ඔප්පු කළ යුතු ය. හත් වන දින ශුද්ධ නමස්කාරය සඳහා පවත්වන රැස්වීමකි. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.” 9සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: 10ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන දේශයට නුඹලා පැමිණ, එහි අස්වැන්න නෙළාගත් විට, අස්වැන්නෙන් පළමුවෙන් ම කපාගත් ගොයම් මිටිය නුඹලා පූජකවරයා වෙත ගෙනා යුතු ය. 11නුඹලා උදෙසා එය පිළිගනු ලබන ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය පිදිය යුතු ය. ඔහු එය පිදිය යුත්තේ සබත් දවසට පසු දවසේ ය. 15නුඹලා පිළිගැන්වීමේ පිළිවෙතින් පළමුවෙන් කපාගත් ගොයම් මිටිය පඬුරු ලෙස පුද කළ සබත් දිනට පසු දින පටන් සම්පූර්ණ සබත් දින හතක් ගණන් කළ යුතු ය. 16හත් වන සබත් දිනට පසු පැමිණෙන පණස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. 27හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. 34ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. ”සත් වන මාසයේ පසළොස් වන දින කූඩාරම් මංගල්‍යය අරඹනු ලැබේ. එය හත් දිනක් පැවැත්විය යුතු ය. 35පළමු වන දින ශුද්ධ වන්දනාමාන පිණිස රැස්වීම පැවැත්විය යුතු ය. එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. 36හත් දිනක් ම සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා ආහාර පූජාවක් ඔප්පු කළ යුතු ය. අට වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පවත්වා ගින්නෙහි දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. එදින ශුද්ධ නමස්කාරය සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන බැවින් කිසි බර වැඩක් නොකළ යුතු ය. 37ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය.
Responsorial Psalm

ගීතාවලිය 81: 3-4, 5-6, 10-11ab

3අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න. 4එය ඉශ්රායෙල් ජනයාට නීතියක් වන්නේ ය; ජාකොබ්ගේ දෙවිඳුන් පැනවූ නියෝගයක් වන්නේ ය. 5ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි: 6මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි. 10මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි. ඔබේ මුව හොඳින් විවර කරන්න; එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි. 11එහෙත්, මාගේ සෙනඟ මාගේ හඬට සවන් නුදුන්නෝ ය. ඉශ්රායෙල්වරු මට කීකරු නො වූ හ.
Alleluia

1 පේදුරු 1: 25

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Gospel

ශුද්ධ වූ මතෙව් 13: 54-58

54උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, ”මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද? 55මොහු වඩුවාගේ පුතා නොවේ ද? මොහුගේ මවගේ නම මරියා නොවේ ද? මොහුගේ සහෝදරයෝ ජාකොබ්, ජෝසෙප්, සීමොන් සහ ජූදස් නොවෙත් ද? 56මොහුගේ සියලු සහෝදරියෝත් අප අතරෙහි නොවෙත් ද? එසේ නම්, මේ සියල්ල මොහුට කොහෙන් පහළ වී ද?” කියා, 57උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, ”දිවැසිවරයෙකුට ගරුබුහුමන් නොලැබෙන්නේ සිය රටේ දීත්, සිය ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක. 58ඔවුන්ගේ අවිශ්වාසය නිසා උන් වහන්සේ එහි දී බොහෝ හාස්කම් නොකළ සේක.