1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1මාගේ පැසසුම වන හිමි දෙවිඳුනි, නිහඬ ව නොසිටිය මැනව.
2මන්ද, දුෂ්ටයන් ද රැවටිලිකාරයන් ද මට බැණ වැදී ඇත; ඔව්හු මට විරුද්ධ ව බොරු චෝදනා නඟති.
3ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති.
4මා ඔවුන්ට ප්‍රේම කළත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළත් ඔව්හු මට විරුද්ධ ව චෝදනා නඟති.
5තවද, ඔව්හු මා කළ යහපතට අයහපත කරති; ප්‍රේමයට වෛරය දක්වති.
6මාගේ සතුරාට විරුද්ධ ව කුරිරු විනිශ්චයකරුවෙකු පත් කළ මැනව. ඔහුගේ ම සතුරෙකු පැමිණිලිකරුවෙකු මෙන් ඉදිරිපත් කළ මැනව.
7විනිශ්චයයේ දී ඔහු වරදකරු වේ වා! ඔහුගේ යාච්ඤාව ද පාපයක් මෙන් ගණන් ගැනේ වා!
8ඔහු වැඩිකල් ජීවත් නො වේ වා! ඔහුගේ තනතුර අනිකෙක් ගනී වා!
9ඔහුගේ දරුවෝ අනාථයෝ වෙත් වා! ඔහුගේ බිරිඳ ද වැන්දඹුවක් වේ වා!
10ඔහුගේ දරුවෝ ඉබාගාතේ යමින් සිඟා කත් වා! ඔවුන් වාසය කරන පැල්පත්වලින් ඔව්හු පලවා හරිනු ලබත් වා!
11ණය හිමියා ඔහු සන්තක සියල්ල ම පැහැර ගනී වා! ඔහු වෙහෙස වී සපයා ගත් සියල්ල විදේශිකයෝ කොල්ලකත් වා!
12ඔහුට කරුණා කරන්න කිසිවෙක් නො වේ වා! ඔහුගේ අනාථ දරුවන්ට අනුකම්පා කරන්න කිසිවෙක් නොසිටී වා!
13ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා! මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා!
14ඔහුගේ පියවරුන්ගේ අයුතුකම සමිඳුන් ඉදිරියෙහි සිහිකරනු ලැබේ වා! ඔහුගේ මවගේ පාප නොමැකේ වා!
15සමිඳාණෝ ඔවුන්ගේ පව් නිතර ම සිහි කරන සේක් වා! මිහි මත කිසිවෙක් ඔහු සිහි නොකෙරේ වා!
16මේ මිනිසා, දයාව දැක්වීම අමතක කර දුප්පතා හා දිළිඳා ද බිඳුණු සිත් ඇත්තා ද මරුමුවට යන තෙක් පීඩා කෙළේ ය.
17එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය; ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා! ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා!
18ඔහු තමාගේ වස්ත්‍රය ඇඳගන්නාක් මෙන් පහසුවෙන් සාප කෙළේ ය. ඒ සාපය ඔහු තුළට දිය මෙන් ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන් ද උරාගනු ලැබේ වා!
19ඇඟ දවටන සළුව මෙන් ද නිතර බඳින ඉඟ පටිය මෙන් ද ඒ සාපය ඔහු සමඟ නවතී වා!
20මාගේ එදිරිකාරයන්ටත්, මට විරුද්ධ ව නපුරු දේ කියන්නන්ටත් සමිඳුන්ගෙන් ලැබෙන විපාකය ඒ සාපය වේ වා!
21එහෙත්, මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ පොරොන්දු වූ පරිදි මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම යහපත් බැවින් මා මුදාගත මැනව.
22මන්ද, මම දුප්පත් ය; අසරණ ය; මා සිත සන්තාපයෙන් පෙළෙයි.
23මම සවස සෙවණැල්ලක් මෙන් පහ වී යමි; මම පළඟැටියෙකු මෙන් සුළඟට ගසාගෙන යනු ලබමි.
24නිරාහාර ව සිටීමෙන් මාගේ මාංසය වැහැරී යෑම නිසා මා කෙසඟ වී ඇත.
25මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි; ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති.
26මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව.
27එවිට මෙය, ඔබේ ක්‍රියාවක් බවත්, සමිඳුනි, ඔබ මෙය කළ බවත් ඔව්හු දැනගනිත් වා!
28ඔවුන් මට සාප කරතත් ඔබ මට ආශීර්වාද කළ මැනව. මට පීඩා කරන්නෝ ලජ්ජාවට පත් වෙත් වා! ඔබේ මෙහෙකරුවා වන මම ප්‍රීතියට පත් වෙම් වා!
29මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් වැසී යෙත් වා! උතුරු සළුවකින් මෙන් ඔවුන්ගේ ලජ්ජාව ඔව්හු වසාගනිත්වා.
30මාගේ මුවින් සමිඳුන්ට බොහෝ සෙයින් තුති කරන්නෙමි; එසේ ය, මහා සභාවේ දී එතුමන්ට ප්‍රශංසා කරන්නෙමි.
31දිළිඳා මරණයට තීන්දු කරන්නන්ගෙන් ඔහු ගළවන පිණිස එතුමාණෝ ඔහුට ආරක්ෂාව වී සිටින සේක.