ගීතාවලිය 93

පෙර මීළඟ
1සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක. 2ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය. ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක. 3සමිඳුනි, සමුදුර රළපතර, එසේ ය, සමුදුර රළපතර, මහ හඬින් ගර්ජනා කරන්නේ ය; ඒවා මහ හඬින් ගිගුම් දෙන්නේ ය. 4සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක; එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය. 5සමිඳුනි, ඔබේ අණපණත් සදාතනික ය. ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.