1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1සියලු ජාතීනි, මෙය අසන්න; සියලු ලෝ වැසියෙනි, එක් ව සවන් දෙන්න.
2ලොකු කුඩා සියල්ලෙනි, දුප්පත් පොහොසත් සියල්ලෙනි, සවන් දෙන්න.
3මම නැණවත් සිතුවිලි සිතමි; මම පැණවත් වදන් පවසමි.
4මම හිතෝපදේශවලට අවධානය යොමු කරමි; වීණාව වයමින් ඒවායේ විසඳුම පහදා දෙන්නෙමි.
5අන්තරා කාලවල දී, නපුරු සතුරන් මා සිසාරා සිටින විට,
6සිය ධන සම්පත් කෙරේ විශ්වාසය තැබූ, සිය වස්තු සම්භාරය නිසා අහංකාර වූ අය මා අවටින් සිටින විට, මම කිසිසේත් බිය නොවන්නෙමි.
7තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය; ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවිඳුන්ට ගෙවීමට ඔහුට නුපුළුවන.
8මිනිසෙකුගේ ජීවිතය සඳහා ගෙවිය යුතු මිදීමේ මිලය ඉතා විශාල ය; මිනී වළට යාමෙන් වැළකෙන පිණිසත්,
9සදා ජීවත් වීමට වරයක් ලබන පිණිසත්, තමා විසින් ගෙවනු ලැබිය හැකි මිලය කිසිසේත් නොසෑහේ.
10පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත.
11වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.
12කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.
13තමා කෙරෙහි ම විශ්වාසය තබන, තම වස්තුවෙන් සෑහීමට පැමිණ සිටින අයගේ ඉරණම එය වේ.
14ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත; ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත. ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය, ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය. ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය.
15එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.
16යමෙකු පොහොසත් වන විට, ඔහුගේ යස ඉසුරු වැඩි වන විට බිය නොවන්න.
17මියයන විට, ඔහු ඉන් කිසිවක් ගෙනයන්නේ නැත; ඔහුගේ යස ඉසුරු ඔහු කැටුව මිනී වළට නොයනු ඇත.
18මිනිසෙක් සිය ජීවිත කාලයේ දී තෘප්තියට පත් වී සිටියත්, තමන් ගැන පුරසාරම් දෙඩුවත්, ඔහුගේ දියුණුව ප්‍රශංසාවට ලක් වූවත්,
19ඔහු තම මුතුන්මිත්තන් මෙන් මිය යන්නේ ය; එහි සදහට ම අඳුර පවතින්නේ ය.
20කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.