1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!
2මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.
3මන්ද, මාගේ දවස් දුම් මෙන් පහ වී යයි, මාගේ ඇටකටු ගිනි උදුනක් මෙන් දැවෙයි.
4මාගේ සිත තණ කොළ මෙන් තැළී වියළී ඇත. ආහාර ගැනීමට වත් මට රුචියක් නැත.
5මම මහා හඬින් සුසුම්ලමින් සිටිමි. මාගේ ඇටකටු හමට ම ඇළී ඇත.
6මම මරු කතරේ වසන කරවැල් කොකෙකුට සමාන වෙමි; මම පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.
7මම නොනිදා සිටිමි; වහල උඩ තනි ව වැලපෙන කුරුල්ලෙකුට සමාන වෙමි.
8දවස මුළුල්ලේ මාගේ සතුරෝ මට නින්දා කරති; මට අපහාස කරන්නෝ සාප කිරීමට මාගේ නාමය යොදා ගනිති.
9මාගේ කෑම අළු ය; මාගේ බීම කඳුළින් මුසු ය.
10එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය; ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය.
11මාගේ ජීවිත කාලය සැඳෑ සෙවණැලි වැනි ය, මම තණ පත් මෙන් වියළී සිටිමි.
12එහෙත් සමිඳුනි, ඔබ සදහට සිහසුන් අරා වැඩ සිටින සේක; හැම පරපුරක් ම ඔබ සිහි කරනු ඇත.
13ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක. ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය; නියම කාලය පැමිණ තිබේ.
14සියොන්හි ගල්වලට සේවකයෝ ප්‍රිය කරන්නෝ ය. ඔව්හු එහි දූවිල්ලට පවා අනුකම්පා කරන්නෝ ය.
15එහෙයින් විජාතීහු සමිඳුන්ගේ නාමයටත් බිය වන්නෝ ය; පොළොවේ සියලු රජවරු ඔබේ මහිමයට බිය වන්නෝ ය.
16සමිඳාණෝ සියොන් යළි ගොඩනඟන සේක; සිය මහිමාලංකාරයෙන් ප්‍රකාශ වන සේක.
17එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක; ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.
18මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!
19සමිඳාණෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක; එතුමාණෝ ස්වර්ගයේ සිට පොළොව දෙස බැලූ සේක.
20එසේ කෙළේ, සිරකරුවන්ගේ දුක් සුසුම් අසන්න ය; මරණයට නියම වූවන් මුදන්න ය.
21ජනයෝ සියොන්හි දී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේ දී එතුමන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝ ය.
22රාජ්‍යයෝ ද මිනිස් සංහතිය ද සමිඳුන්ට මෙහෙ කිරීමට එක් රැස් වන සෑම විට එසේ කරන්නෝ ය.
23එතුමාණෝ තරුණ වියේ දී මාගේ ශක්තිය හීන කළ සේක; මාගේ ජීවිත කාලය කෙටි කළ සේක.
24මම ද කතා කොට මෙසේ කීවෙමි: ”අහෝ මාගේ දෙවිඳුනි! මා වයස්ගත වන්න පෙර මා පහ නොකළ මැනව. සමිඳුනි, ඔබ සදහට ම ජීවත් වන සේක.”
25ආදියේ දී ඔබ පොළොවේ පදනම ලූ සේක. අහස් ගැබ ඔබේ දෑතින් සාදන ලද්දේ ය.
26ඒවා විනාශ වන්නේ ය; එහෙත්, ඔබ ජීවත් වන සේක. එසේ ය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පැරණි වන්නේ ය. උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරු කරන සේක. ඒවා ද පහ වී යන්නේ ය.
27එහෙත්, ඔබ ඒකාකාර ම ය, ඔබේ ජීවිතය නිම නොවන්නේ ය.
28ඔබේ මෙහෙකරුවන්ගේ දරුවෝ සුරැකි ව සිටින්නෝ ය. ඔවුන්ගේ පරපුර ද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේ ය.