1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1නපුර කරන අය ගැන නොකලකිරෙන්න; අදමිටුකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න.
2ඔව්හු තණ පත් මෙන් වියළී යති; නිල් පලා මෙන් මැලවී යති.
3සමිඳුන් කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න.
4සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමන් ඔබේ මන දොළ ඉටු කරනු ඇත.
5ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න; හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත.
6හිමි තුමන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක.
7සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.
8කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.
9නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය.
10දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත.
11මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති.
12දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි; ඔහුට විරුද්ධ ව දත්මිටි කයි.
13සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක.
14දුගී දුප්පතුන් හෙළා දමන පිණිස ද අවංක අය වනසන පිණිස ද දුදනෝ කඩුව ඇද, දුන්න තැත් කවාගෙන සිටිති.
15එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි; ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ.
16දුදනන් සතු වස්තු රැසකට වඩා සුදනා සතු වස්තු බිඳක් යහපත.
17දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමි තුමන් සුදනන් හට පිහිට වනු ඇත.
18හිමි තුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති; ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි.
19විපත් සමයේ දී ඔවුන්ට විපතක් නැත; සාගත සමයේ දී ඔවුන්ට හිඟයක් නැත.
20එහෙත්, දුදනෝ වැනසෙති; හිමි තුමන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති; දුම මෙන් පහවෙති.
21දුදනෝ ණය ගෙන යළි නොගෙවති; සුදනෝ කාරුණික ය, ත්‍යාගශීලී ය.
22හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති.
23සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක.
24ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක.
25මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි.
26දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි.
27නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත.
28හිමි තුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.
29දැහැමියෝ දේශය හිමි කරගන්නෝ ය. එහි සදහට ම යෙහෙන් වසන්නෝ ය.
30දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.
31ඔව්හු දේව අණසක හදවතෙහි නිදන් කරති; ඒවා නොපිරිහෙළා රැකගනිති.
32දුදනා සුදනාගේ වගතුග සොයා, බලා හිඳ, ඔහු මැරීමට සොයයි.
33එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක; ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක.
34සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමන්ගේ අණපණත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමන් ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත.
35දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.
36එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත.
37නිදොස් තැනැත්තෙකු සොයන්න; අවංක කෙනෙකු දෙස බලන්න; ඔහුට නම්, සාමකාමී අනාගතයක් ඇත.
38අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි.
39හිමි තුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක.
40හිමි තුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක. සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.