1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.
2ඔබේ බාහු බලයෙන් මිසදිටු ජාතීන් පලවා හැර, ඔබේ සෙනඟ ඔබ එහි වාසය කරවූ සේක; විජාතීන්ට පහර දී ඔබේ ම සෙනඟට සව්සිරි සැපත දුන් සේක.
3ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.
4ඔබ මාගේ රජිඳාණෝ ය; ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබේ අණ පරිදි ඔබ සෙනඟට ජය සිරි අත් කර දෙන සේක.
5ඔබේ බලයෙන් අපි අපේ සතුරන් පරදාලමු; ඔබේ නාමයේ අනුහසින් අපේ රුපුන් පාගා දමමු.
6මාගේ දුන්න කෙරෙහි විශ්වාසය නොතබමි. මට විමුක්තිය එන්නේ මාගේ කඩුපතින් නොවේ.
7ඔබ අපේ එදිරිකරුවන්ගෙන් අප ගැළෙවු සේක; අපට වෙර බඳින අය පලවා හැරිය සේක.
8දවස පුරා අපි ඔබ පසසමු; සදහට ම අපි ඔබට තුති දෙමු.
9එහෙත් දෙවියෙනි, දැන් ඔබ අප හැර දමා පරාජයට පමුණුවා ඇත. අපේ යුද හමුදා සමඟ ඔබ තවත් නොවඩින සේක.
10සතුරන්ට බිය වී පලා යාමට ඔබ අපට සැලැසූ සේක. සතුරෝ අපේ රට කොල්ලකාගත්හ.
11මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක;
12ඔබ අප තඹ දොයිතුවට විකුණු සේක; ඒ වෙළඳාමෙන් කිසි ලාභයක් නොගත් සේක.
13ඔබ අප, අසල්වැසියන්ට සරදමක් ද අප අවට සිටින කොයි කාටත් අපහාසයක් හා අවමානයක් ද වන්නට සලසා ඇත.
14ඔබ අප විජාතීන් අතර නින්දාවක් ද මිනිසුන් අතර සමච්චලයක් ද වන්නට සලසා ඇත.
15මම හැම විට ම අපකීර්තියට පත් වී සිටිමි; මම ලජ්ජාවෙන් මුහුණ වසාගෙන සිටිමි.
16එසේ වන්නේ, සතුරන්ගෙන් ද නින්දාකරුවන්ගෙන් ද මට අගෞරවය ලැබෙන බැවිනි.
17මේ සියල්ල අපට පැමිණි බව ඇත්ත ය; එහෙත් අපි, ඔබ අමතක නොකෙළෙමු; ඔබ සමඟ කළ අපේ ගිවිසුම කඩ නොකෙළෙමු.
18අපි ඔබට අපක්ෂපාත නොවීමු; ඔබේ ආඥා කඩ නොකෙළෙමු.
19එහෙත්, ඔබ අප වන සතුන් අතර අනාථ කළ සේක; තිත්ත කළුවරෙහි අප අත්හළ සේක.
20ඉතින් අපි, අපේ දෙවිඳුන් අමතක කෙළෙමු නම්, අන් දෙවියෙකුට යාච්ඤා කෙළෙමු නම්,
21ඔබ එය දැනගන්නේ නැද් ද? මන්ද, මිනිස් සිතේ සියලු රහස් ඔබ දන්න සේක.
22දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු; මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු.
23සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව.
24ඔබ අප කෙරෙන් සැඟවී ඉන්නේ මන් ද? අපේ විපත හා පීඩාව අමතක කරන්නේ මන් ද?
25අප පොළොවේ ධූලිවලට යට වී ඇත. සිරුර පොළොවේ ඇද වැටී ඇත.
26නැඟිට, අපට පිහිට දුන මැනව. ඔබේ තිර පෙම්කඳ නිසා අප මිදුව මැනව.