1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1සමිඳුන්ට ප්‍රශංසා කරන්න; අපේ දෙවිඳුන්ට පසස් ගී ගැයීම යහපත් ය. එතුමන් පැසසීම පියකරු ය, හොබනේ ය.
2සමිඳාණෝ ජෙරුසලම ගොඩනඟන සේක. විප්‍රවාසී වූ ඉශ්රායෙල් සෙනඟ රැස් කරන සේක.
3එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක.
4එතුමාණෝ තාරකා ගණන නියම කළ සේක. ඒ සියල්ලට නම් තබන සේක.
5අප සමිඳාණෝ උතුම් ය: ඉතා බලසම්පන්න ය; එතුමන්ගේ ඥානය අසීමිත ය.
6සමිඳාණෝ දීනයන් ඔසවන සේක; දුදනන් පහතට හෙළන සේක.
7තුති පුදා සමිඳුන්ට ගී ගයන්න; වීණා වැයීමෙන් අපේ දෙවිඳුන් පසසන්න.
8එතුමාණෝ වලාකුළුවලින් අහස ආවරණය කරන සේක; පොළොවට වැසි වස්වන සේක. කඳු මත තෘණ වැවෙන්නට සලසන සේක.
9එතුමාණෝ මෘගයන්ටත්, හඬන කපුටු පැටවුන්ටත් කෑම දෙන සේක.
10සවි බලැති අසුන්ගෙන් එතුමන්ට කම් නැත. වේගයෙන් දුවන සෙබළුන්ගෙන් එතුමන්ට වැඩක් නැත.
11එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.
12එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.
13මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක; තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක.
14තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක.
15එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි.
16එතුමාණෝ බැටළු ලොම් මෙන් හිම වස්වන සේක. අළු මෙන් පිනි කැට විසුරුවන සේක.
17සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමන් එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද?
18එතුමාණෝ අණ දෙන සේක; හිම කැට දිය වන්න සලස්වන සේක. එතුමාණෝ හුළඟ හමන්න සලස්වන සේක. එවිට ජලය ගලා යන්නේ ය.
19එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පණත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක.
20එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක. ඔව්හු එතුමන්ගේ නියමයන් දැන නොගත්තෝ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!