1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1අහෝ දෙවිඳුනි! මට අචල විශ්වාසයක් ඇත්තේ ය. මම ගී ගයා ඔබ පසසමි. මාගේ හදවත, අවදි වන්න!
2එම්බා කුඩා වීණාව! මහා වීණාව, පිබිදෙන්න! එවිට මම උදා හිරු අවදි කරන්නෙමි.
3අහෝ සමිඳුනි! මම ජනතාව අතර ඔබ පසසමි; විජාතීන් අතර මම ඔබට ගී ගයමි.
4ඔබේ තිර පෙම සගලොව දක්වා නඟින්නේ ය; ඔබේ සත්‍යවාදීකම අහස උසට නැඟී ඇත්තේ ය.
5දෙවිඳුනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය අහසට වඩා උසස් බව දැක්වුව මැනව; ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!
6ඔබ ප්‍රේම කරන්නන් මිදෙන පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව. අපේ අයැදුමට පිළිතුරු දුන මැනව.
7දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක: ”විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි; සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කරන්නෙමි.
8ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;
9මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය; මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි. පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”
10කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද? ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙන යන්නේ කවරෙක් ද?
11අහෝ සමිඳුනි! ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද? අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?
12එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව. මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.
13දෙවිඳුන්ගේ සහය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.