1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1සමිඳුනි, දුදනන්ගෙන් මා ගැළෙවුව මැනව. සැහැසිකම් කරන අයගෙන්, මා ආරක්ෂා කළ මැනව.
2ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.
3ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය. ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.
4සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව. සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති.
5උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය. ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ.
6‘ඔබ මාගේ දෙවිඳාණෝ ය’යි මම සමිඳුන් ඇමතුවෙමි. සමිඳුනි, මාගේ කන්නලව්වට සවන් දුන් මැනව.
7මාගේ ගැළවීමේ ශක්තිය වන මහෝත්තම දෙවි ස්වාමීනි, සටනේ දී ඔබ මාගේ හිස වැස්මකින් ආරක්ෂා කළ සේක.
8සමිඳුනි, දුදනන්ගේ ආසාව ඉටු නොකළ මැනව. ඔවුන්ගේ නපුරු උපා සාර්ථක වන්නට ඉඩ නුදුන මැනව.
9මා වට කරගෙන සිටින අයට ජය ගන්නට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තර්ජන ඔවුන් පිට ම වැටේ වා!
10ඔවුන් පිට ගිනි අඟුරු වැටේ වා! ඔව්හු ගොඩ ගන්නට නොහැකි ගැඹුරු වළක හෙළනු ලබත් වා!
11නපුරු, කේළාම්කාර මිනිසාට දේශයෙහි සිටින්නට ඉඩ නුදුන මැනව. සාහසිකයන් හෙළන පිණිස නපුරා වේගයෙන් ඔවුන් ලුහුබඳී වා!
12සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.
13සැබැවින් දැහැමියෝ ඔබේ නාමයට තුති පුදන්නෝ ය. අවංක අය ඔබ අබිමුව යෙහෙන් වාසය කරන්නෝ ය.