1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1මාගේ දෙවි සමිඳුනි, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි.
2මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව.
3මාගේ සිත කරදරවලින් ගහණ වී ඇත්තේ ය. මාගේ ජීවිතය මිනී වළට ආසන්න ය,
4මරණාසන්න කෙනෙකු මෙන් මම ගණන්ගනු ලැබුවෙමි. මම දුබලයෙකු මෙන් වී ඇත්තෙමි.
5මළවුන් අතර ම උන් කෙනෙකු මෙන් මම අත්හරිනු ලැබුවෙමි; සොහොනේ තැන්පත් කරනු ලැබූ කෙනෙකු මෙන් මම වැටී සිටියෙමි; ඔබ විසින් සදහට ම අමතක කරන ලද ඔබේ සරණින් ඈත් වූවෙකු මෙන් වී සිටිමි.
6ඔබ මා පාතාලයේ පතුලට හෙළූ සේක. අඳුරු ගැඹුරු පෙදෙසට මා දැමූ සේක.
7ඔබේ උදහස මට මහ බරකි; ඔබේ කෝපාග්නිය මට පීඩා කරන්නේ ය.
8ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය.
9කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.
10ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද? ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද?
11සොහොන් වළෙහි දී ඔබේ තිර පෙම ගැන ද පාතාලයෙහි දී ඔබේ විශ්වාසවන්තකම ගැන ද කතා කරනු ලැබේ ද?
12ඔබේ අසිරිමත් ක්‍රියා අඳුරෙහි දී පෙන්වනු ලැබේ ද? ඔබේ යහපත්කම මළවුන්ගේ දේශයෙහි දී සිහි කරනු ලැබේ ද?
13සමිඳුනි, මම ඔබට හඬගසන්නෙමි; අලුයම මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා!
14සමිඳුනි! ඔබ මා ප්‍රතික්ෂේප කරන්නේ මන් ද? මා වෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නේ මන් ද?
15යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි; ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි.
16ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය.
17ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය. හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය.
18මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක. මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ.