ගීතාවලිය 13

පෙර මීළඟ
1සමිඳුනි, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද? සදහට ම ද? ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද? 2සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද? දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද? මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද? 3දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව; මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න. 4එවිට නොහැක, මාගේ සතුරාට, ”ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට; නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට. 5ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි. ඔබ මා ගැළෙවු බැවින් මම ප්‍රීති වන්නෙමි. 6සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමන් හට මම ගී ගයන්නෙමි.