1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1අහෝ දෙවිඳුනි! මාගේ යැදුමට සවන් දුන මැනව; මාගේ ඉල්ලීම පැහැර නොහැරිය මැනව.
2මා කියන දේ සලකා පිළිතුරු දුන මැනව. මම කරදරයෙහි ගිලී සිටිමි.
3සතුරාගේ ගෝරනාඩුවෙන් ද දුදනාගේ පීඩනයෙන් ද මම තැතිගනිමි. ඔව්හු මා පිට කරදර පටවා මට සතුරුකම් කරන්නෝ ය.
4මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය; මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය.
5භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.
6අනේ! මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි.
7මම බොහෝ ඈතට ම පියාඹා යන්නෙමි; පාළුකරයට ගොස් පදිංචි වන්නෙමි.
8සැඬ සුළඟින් සහ චණ්ඩ මාරුතයෙන් මම අහක් ව යන්නෙමි. මාගේ අභය භූමියට වහා ඉගිල යන්නෙමි.
9සමිඳුනි, ඔවුන්ගේ කතාව වියවුල් කළ මැනව. මන්ද, නුවර තුළ සැහැසිකම ද ආරාවුල ද මට පෙනේ.
10දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය; එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය.
11නුවර මැද දුෂ්ටකම් බහුල ව ඇත්තේ ය. එහි වෙළෙඳ පොළෙහි ඇති අපරාධයට හා වංචාවට කෙළවරක් නැත්තේ ය.
12මට අපවාද කළෝ සතුරෝ නම්, එය මට ඉවසා ගන්නට තිබුණේ ය; මට සතුරු ව නැඟිට සිටියෝ එදිරිකාරයෝ නම්, මට ඔවුන්ගෙන් සැඟවෙන්නට තිබුණේ ය.
13එසේ කෙළේ, මා හා සමාන කෙනෙකු වන ඔබ ය; මාගේ හිත මිතුරා ද සහකාරයා ද ඔබ ය.
14අපි එකට සතුටු සාමීචි කතාවේ යෙදුණෙමු; එකට දෙව් මැදුරෙහි නමස්කාර කෙළෙමු.
15අකාල මරණය සතුරන් පිට පැමිණේ වා! ඔව්හු පණපිටින් පාතාලයට යත් වා! මන්ද, ඔවුන්ගේ සිත්හි හා නිවෙස්හි දුෂ්ටකම ඇත්තේ ය.
16මම දෙවිඳාණන්ට හඬගසන්නෙමි; සමිඳාණෝ මා ගළවන සේක.
17උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි. එතුමාණෝ මා හඬට සවන් දෙන සේක.
18මට විරුද්ධ ව කරන ලද සටනින් එතුමාණෝ මා මුදා මට සාමදානය දුන් සේක. මන්ද, බොහෝ දෙනා මට විරුද්ධ ව සිටියෝ ය.
19අතීතයේ සිට සිහසුන් අරා සිටින දෙවිඳාණෝ මට සවන් දී පිළිතුරු දුන් සේක. මන්ද, මාගේ සතුරෝ නීතිය නොරකිති; දෙවිඳුන් හට ගරුබිය නොදක්වති.
20සතුරා තම මිතුරා හට විරුද්ධ ව තම අත දිගු කෙළේ ය; එසේ කොට, ඔහු ගිවිසුම කඩ කෙළේ ය.
21බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.
22ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න; එතුමාණෝ ඔබ ආරක්ෂා කරන සේක; සැදැහැවතුන්ගේ වැටීමට කිසි දා ඉඩ නොදෙන සේක.
23දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.