ගීතාවලිය 54

පෙර මීළඟ
1අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව; ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව; 2දෙවිඳුනි, මාගේ යැදුමට සවන් දුන මැනව; මා පවසන වදනට ද සවන් දුන මැනව. 3විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය; සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය. මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය. 4දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක; සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක. 5මාගේ සතුරන් මට කළ නපුර ඔවුන්ට ම පල දේ වා! තම විශ්වාසවන්තකම නිසා එතුමාණෝ ඔවුන් සහමුලින් ම වනසාලන සේක් වා! 6තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි. 7එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.