1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.
2ඔබ දේශය කම්පා කරමින් එය දෙපළු කළ සේක; කඩා වැටී යන එහි කැඩුම්බිඳුම් අලුත්වැඩියා කළ මැනව.
3ඔබ ජනතාවට දුක් විඳින්නට සැලැසූ සේක; වෙරිමත් කරවන මිදියුස ඔබ අපට පෙවූ සේක.
4ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක; එසේ කෙළේ, පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.
5ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව; අපේ යැදුමට පිළිතුරු දුන මැනව.
6දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක: ”විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි; සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කර දෙන්නෙමි.
7ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;
8මෝවබ් පෙදෙස මාගේ පා දෝවන බඳුන වන්නේ ය; මාගේ පාවහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි; පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”
9කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද? ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙනයන්නේ කවරෙක් ද?
10අහෝ දෙවිඳුනි! ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද? අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?
11එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව. මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.
12දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.