1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
1අනේ දෙවිඳුනි! මා මුදාලුව මැනව. කුමක් නිසා ද, දිය කඳ මාගේ ගෙල දක්වා නැඟී ඇත්තේ ය.
2මම පය තැබීමට තැනක් නොමැති මඩ ගොහොරුවේ කිඳා සිටිමි; මම ගැඹුරු දියට පැමිණ සිටිමි. රළපතර මා යට කර උඩින් ගලා යයි.
3මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය. මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය.
4නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය. මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය. එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය.
5අනේ දෙවිඳුනි! ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය.
6සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නෝ මා නිසා ලජ්ජාවට පත් නොවෙත් වා! ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුනි, ඔබ සොයන්නෝ මා නිසා නින්දාවට නොපැමිණෙත් වා!
7ඔබ තුමන් උදෙසා මම අපවාදයට ලක් වුණෙමි. මාගේ මුහුණ ඒ ලජ්ජාවෙන් වැසී ඇත්තේ ය.
8මාගේ සොහොයුරන්ට මම නාඳුනන්නෙක් වීමි; මාගේ මවගේ පුත්‍රයන් හට මම විදේශිකයෙක් වීමි.
9ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.
10එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය.
11ගෝණි රෙද්දෙන් මාගේ වස්ත්‍ර මම සාදාගතිමි. එවිට මම ඔවුන්ගේ සමච්චලයට ලක් වුණෙමි.
12මඟ තොටේ කට කතාව මා ගැන ය; බේබද්දෝ මා ගැන අවමන් කවි කියන්නෝ ය.
13එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය. අනේ දෙවිඳුනි! ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව! ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා, මට උත්තර දුන මැනව!
14මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව! මාගේ සතුරාගෙන් ද ගැඹුරු ජලයෙන් ද මා මුදාගත මැනව!
15රළ පතරට මම යට නොවෙම් වා! ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම් වා! පාතාලය මුව අයා මා ගිල නොගනී වා!
16සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව! ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව!
17ඔබේ දාසයා වෙතින් ඔබ මුහුණ ඉවතට නොගත මැනව! මා විපතට පත් ව සිටින බැවින් යුහු ව මට පිළිතුරු දුන මැනව!
18මා වෙත ළඟා වී මා ගළවාගත මැනව; සතුරන්ගෙන් මා මුදාගත මැනව!
19මාගේ නින්දාව ද ලජ්ජාව ද අපකීර්තිය ද ඔබ දන්න සේක; ඔබ මාගේ සියලු සතුරන් දන්න සේක.
20නින්දාව නිසා මාගේ සිත බිඳී ගොස් මම ශෝකයෙන් පිරී සිටිමි. සනසන්නෙකු සෙවුවෙමි; එවැන්නෙක් නො වී ය. අස්වසන්නෙකු සෙවුවෙමි; කිසිවෙක් සම්බ නො වී ය.
21සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය; පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි බොන්න දුන්නෝ ය.
22ඔවුන්ගේ කෑම මේසය ඔවුන්ට ම මලපතක් වේ වා! ඔවුන්ගේ මංගල උත්සව ඔවුන්ට මර උගුලක් වේ වා!
23නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරු වේ වා! ඔවුන්ගේ ඉඟටිය නිබඳ සැලේ වා!
24ඔබේ කෝපය ඔවුන් පිට වැගිරෙව්ව මැනව! ඔබේ කෝපාග්නියට ඔව්හු යටපත් වෙත් වා!
25ඔවුන්ගේ කඳවුරු පාළු වන්නට සැලසුව මැනව! ඔවුන්ගේ කූඩාරම් තුළ කිසිවෙක් නොවෙසෙත් වා!
26මන්ද, ඔබ පහර දුන් තැනැත්තාට ඔව්හු පීඩා කළෝ ය. ඔබ තුවාළ කළ තැනැත්තාගේ වේදනාව ඔව්හු තව තවත් වැඩි කළෝ ය.
27එබැවින් අපරාධ පිට අපරාධ ඔවුන් පිට පැවරුව මැනව! ඔබේ ධර්මිෂ්ඨකමට ඔවුන්ට හවුල් වන්නට ඉඩ නුදුන මැනව!
28ජීවතුන්ගේ පොතෙන් ඔවුන්ගේ නාම මකාදැමුව මැනව! දැහැමියන්ගේ නාම අතරෙන් ඔවුන්ගේ නාම කපාදැමුව මැනව!
29එහෙත්, මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි. අනේ දෙවිඳුනි! මා සනසා, මා ගළවා ගත මැනව!
30එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමන් බොහෝ සේ පසසන්නෙමි.
31ගවයෙකු පිදීමට වඩා මෙවැන්නක් සමිඳුන්ට ප්‍රසන්න වන්නේ ය. අං සහ කුර සහිත ගොනෙකු පිදීමට වඩා එය ප්‍රසන්න වන්නේ ය.
32පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය.
33මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
34අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා!
35දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක. එතුමන් සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.
36එතුමන්ගේ සේවක පෙළපත එය උරුම කරගන්නෝ ය. දෙව් නමට පෙම් කරන්නෝ එහි වාසය කරන්නෝ ය.